සජබ සන්ධානයට පුද්ගලයින් එකතු කර ගන්නේ ප්‍රතිපත්ති මත පමණයි

වරදාන සහ වරප්‍රසාද නැහැ බංකොලොත් වූ රටෙනුත් පාලකයින් ගසා කනවා ජනතාවගේ දුක කඳුල සහ වේදනාව ගැන රජයට හැගීමක් නැහැ සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානයට විවිධ පුද්ගලයන් එකතු කර ගන්නේ ප්‍රතිපත්ති මත පමණක්…
වරදාන සහ වරප්‍රසාද නැහැ
බංකොලොත් වූ රටෙනුත් පාලකයින් ගසා කනවා
ජනතාවගේ දුක කඳුල සහ වේදනාව ගැන රජයට හැගීමක් නැහැ
සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානයට විවිධ පුද්ගලයන් එකතු කර ගන්නේ ප්‍රතිපත්ති මත පමණක් යැයි විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.
ඒ අනුව කිසිදු අයකුට කිසිදු ඇමතිකම්, සභාපතිකම්, අධ්‍යක්ෂකම්, තනතුරු, වරදාන සහ වරප්‍රසාද ලබා නොදෙන අතර සිය සමගි ජන සන්ධානයට සම්බන්ධ කර ගන්නේ සමගි ජන බලවේගය පිළිගන්නා මැද මාවත අනුව කටයුතු කරන පිරිස පමණක් යැයි ද, වරදාන සහ වරප්‍රසාද ලබා දී මන්ත්‍රීවරුන් රඳවා ගැනීම සේම බඳවා ගැනීම සිදු නොකරන්නේ යැයි ද එම සංස්කෘතියට නැවතීමේ ළකුණ තබා ඇතැයි ද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.
සමාජ වාදයෙන්, අන්ත වාමවාදයෙන්, කොමියුනිස්ට්වාදයෙන් සේම ධනවාදයෙන් ද රට ගොඩ ගත නොහැකි යැයි ද, ඒ සඳහා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය මූලික කර ගත් මානුෂීය ධනවාදයක් ක්‍රියාත්මක කළ යුතු බැවින් මෙම සන්ධානය ඇති කිරීමේ දී කිසිදු පුද්ගලයෙකුට කිසිදු වරදානයක් හෝ වරප්‍රසාදයක් ලබා නොදෙන අතර රට වෙනුවෙන් ප්‍රතිපත්තිගරුකව සේවය කළ හැකි පිරිස පමණක් බඳවා ගන්නේ යැයි ද සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.
දැන්වීම
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බ්‍රහස්පතින්දා (04) කැස්බෑව ශ්‍රී සුදර්ශන ආදර්ශ විද්‍යාලයට සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
ප්‍රාග්ධනයේ ගමන නමින් සංකල්පයක් ලෝකයේ ඇතැයි ද, එම සංකල්පය ප්‍රග්ධනය ඇතුළට සහ පිටත යනුවෙන් කොටස් දෙකකින් යුතුව ක්‍රියාත්මක වන්නේ යැයි ද, අපේ රටේ සිදු විය යුත්තේ ප්‍රාග්ධන සම්පත රට ඇතුළට ලබා ගැනීම වුවත් සිදු වෙමින් පවතින්නේ රටෙන් පිටතට ප්‍රාග්ධනය යැවීම යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.
කොරෝනා සමයේ චීනයෙන් පිටතට ප්‍රාග්ධන සම්පත ඇදී යද්දී ඉන්දියාව වැනි රටවල් එම ප්‍රාග්ධන සම්පත ලබා ගැනීමට වෙහෙසෙන විට අපේ රටේ රජයන් කොටු පවුරු බැද ගෙන දේශානුරාගය ඉස්මතු කරමින් ප්‍රශස්ති ගායනා සිදු කරමින් සිටී නිසා රට බංකොලොත් වූවේ යැයි ද, රට දියුණු කිරීමට අවශ්‍ය සෘජු විදේශ ආයෝජන රටේ නායකයින් හොරකම් කිරීම නිසා එම විදේශ සම්පත් රටට අහිමි වී ඇතැයි ද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
බංකොලොත් වූ රටෙන් පවා හොරකම් සිදු කරන අතර ජනතාවගේ දුක කඳුල සහ වේදනාව රජය අවබෝධ කර නොමැති නමුත් විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ජනතාවගේ එම ප්‍රශ්න හොඳින් අවබෝධ කර ගෙන සිටින්නේ යැයි ද සජිත් ප්‍රේමදාස මහතා කීය.
එසේම කාන්තාවන්ගේ සෞඛ්‍ය සම්පන්නභාවය ගැන කතා කරද්දි තමාට අපහාස කළත් අද එම ප්‍රශ්නය රටම පිළිගෙන ඇතැයි ද, සමගි ජන බලවේග රජයක් යටතේ කාන්තාවන්ගේ සනීපාරක්ෂාව සඳහා වන පහසුකම් රාජ්‍ය අනුග්‍රහය මත සැලසීමට කටයුතු කරන්නේ යැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරනු ලබන "හුස්ම" වැඩ සටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, "සක්වල" බස් රථ වැඩ සටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද, "සක්වල" තොරතුරු තාක්ෂණ වැඩ සටහන යටතේ පාසල් 60ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 572ක් වැය කර ඇතැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
