සජබ රජයක් යටතේ IMF ගිවිසුම සංශෝධනය කෙරේ

ජනතාව පීඩාවට පත් කරන කොන්දේසි ඉවතට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සමගි ජන සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සිදු කළ සාකච්ඡාවේදී, වත්මන් රජය එම අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුම අනුව…
ජනතාව පීඩාවට පත් කරන කොන්දේසි ඉවතට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සමගි ජන සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සිදු කළ සාකච්ඡාවේදී, වත්මන් රජය එම අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුම අනුව දේශීය ණය ප්‍රතිව්‍යහගතකරණයට මුවා වී ක්‍රියාත්මක කරන, වැඩ කරන ජනතාවට සහ පොදු ජනතාවට පීඩා ගෙන දෙන ක්‍රමවේදයන් වෙනස් කිරීමට කටයුතු කරන බව එම නියෝජිතයින් පිරිස හමුවේ ප්‍රකාශ කළ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටේ වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම, කියුබාව හෝ අනෙකුත් උග්‍ර සමාජවාදී රටවලින් සහාය ලබා ගෙන සිදු කළ නොහැකි අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, ඉන්දියාව සහ චීනය වැනි රටවල් සමඟ රටට හිතැති ගිවිසුම් හරහා ව්‍යාපෘති සහ ආයෝජන රැගෙන ඒම හරහා සුදු කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, "සක්වල" වැඩ සටහන යටතේ 78 වැනි බස්රථය දඹුල්ල අකුරම්බොඩ මධ්‍ය විද්‍යාලයට ලබා දීමේ අවස්ථාවට අඟහරුවාදා (26) එක්වෙමිනි.
දැන්වීම
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීය.
"නිදහස් අධ්‍යාපනය පූර්ව ළමා විය සංවර්ධනයේ සිට ආරම්භ කළ යුතුයි. ඒ වගේම සියලු රජයේ පාසල් පහසුකම් සහිත පාසල් බවට පත් කිරීමෙන් අධ්‍යාපනයේ ඇති බෙදීමත් අවසන් කළ හැකීයි. සෑම පාසලකටම පරිගණක, තොරතුර තාක්ෂණ සහ ඉංග්‍රීසි භාෂා විද්‍යාගාරයක් ලබාදී දරුවන් නව ලෝකය සමග යා කළ යුතුයි. ශ්‍රී ලංකාවේ දරුවන්ට ලබාදිය හැකි හොඳම දායාදය ඒ පහසුකම් බව කිව යුතුයි. ඒ ඔස්සේ ලෝකය සමග තරග කළ හැකි, ලෝකය සොයන පිරිපුන් දරුවෙකු බිහි කළ හැකි වනු නියතයි."