සජබ දිවුලපිටි ප්‍රා-මන්ත්‍රීනී භාගේශ්වරී ගුණසේකර අත්අඩංගුවට

ඇයගේ සැමියා වන චමල් ගුණසේකරත් අල්ලලා නිරෝධායන නීති කඩා "Shangri-la" උපන් දින සාදයට එක් වෙලා සුපිරි හෝටලයේ උපන්දින සාදයට එක් වූ තවත් හයක් අල්ලයි කොළඹ "Shangri-la" හෝටලයේ පැවැති ප්‍රවීන රූපලාවන්‍ය…
ඇයගේ සැමියා වන චමල් ගුණසේකරත් අල්ලලා
නිරෝධායන නීති කඩා "Shangri-la" උපන් දින සාදයට එක් වෙලා
සුපිරි හෝටලයේ උපන්දින සාදයට එක් වූ තවත් හයක් අල්ලයි

කොළඹ "Shangri-la" හෝටලයේ පැවැති ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ උපන් දින උත්සවයට නිරෝධායන සහ සංචරණ නීති උල්ලංඝනය කරමින් සහභාගී වී සිටී පිරිස අතරින් තවත් හය දෙනකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබේ.
එම පිරිස අතර සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ දිවුලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී භාගේශ්වරී මධුෂිකා ගුණසේකර මහත්මිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා වන චමල් සුශාන්ත ගුණසේකර මහතා ද සිටින අතර සිය අනන්‍යතාවය හෙළි වීම වළක්වා ගැනීම සඳහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීනිය මධුෂිකා ගුණසේකර ලෙස ද, ඇයගේ ස්වාමිපුරුෂයා චමල් සුශාන්ත ලෙස ද පෙනී සිට ඇත.
දැන්වීම
නිරෝධායන සහ සංචරණ නීති උල්ලංඝනය කරමින් 2021.05. 30 වැනිදා රාත්‍රියේ කොළඹ "Shangri-la" හෝටලයේ පැවැති උපන් දින සාදයට සහභාගී වූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපන ශිල්පීණී පියුමි හංසමාලි යන අය එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත මිට පෙර මුදා තිබිණ.
