සජබ-එජාප එකතු කර පාර්ලිමේන්තුවේ අලි ගහනය වැඩි කරනවා

IMF පස් වැනි වාරිකය ගන්න රජයේ නිර්භීතව කටයුතු කළ යුතුයි රජයෙන් විශ්වාසය තියෙන්නේ ජනපති ගැන විතරයි -රවී කරුණානායක කියයි-. සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එකතු කර පාර්ලිමේන්තුවේ අලි ගහනය වැඩි…
IMF පස් වැනි වාරිකය ගන්න රජයේ නිර්භීතව කටයුතු කළ යුතුයි
රජයෙන් විශ්වාසය තියෙන්නේ ජනපති ගැන විතරයි
-රවී කරුණානායක කියයි-.
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එකතු කර පාර්ලිමේන්තුවේ අලි ගහනය වැඩි කර ආණ්ඩු බලය ගෙන රට සංවර්ධනය කරමින් ජනතාව සවි බල ගන්වනවා යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අවධාරණය කර සිටින අතර ඔහු මෙසේ ද පවසයි.
මම පාර්ලිමේන්තුවේ තනි අලියා. සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එකතු කර පාර්ලිමේන්තුවේ අලි ගහනය වැඩි කර ආණ්ඩු බලය ගෙන රට සංවර්ධනය කර ජනතාව සවි බල ගන්වනවා.
ලලිත් ඇතුළත්මුදලි හැමදාම කළේ ආර්ථික බාධා සහ දුක්ෂරතා තිබෙන හැකියාවක් ඇති දූ දරුවන්ට උදව් කිරීමයි. IMF පස් වැනි වාරිකය ලබා ගැනීමට රජය නිර්භීතව තීන්දු තීරණ ගත යුතුයි.
දැන්වීම
ස්වාධීන කොමිෂන් සභා දේශපාලනීකරණය වුණොත් එම සභාවල තිබෙන වටිනාකම නැති වෙනවා. පාස්කු ප්‍රහාරය දේශපාලන ඡන්ද අවස්ථාවලදී උඩ එනවා. නමුත් ඒ ප්‍රශ්නයට විසඳුමක් ලබා ගත යුතුයි.
ප්‍රභූ ආරක්ෂාව ඉවත් කිරීම ආණ්ඩුවක් ගත්තු තීරණයක්. නමුත් යම් සිද්ධියක් වුණොත් ඒ වගකීම රජයට ගන්න වෙයි. විදුලි බිලියි අඩු කරන්න ආ ආණ්ඩුව විදුලි බිල වැඩි කිරීම කරන්නේ කෙසේද කියන කාරණය ප්‍රශ්නයක් බව කිව යුතුයි.
රජය ගැන විශ්වාසය තිබෙන්නේ ජනපති අනුර කුමාර දිසානායක ගැන පමණයි. එක පුද්ගලයෙක් ගැන විතරයි විශ්වාසය තිබෙන්නේ. තව අවුරුද්දක් යන විට මේ තත්ත්වය වැඩි කර ගන්න වෙයි. අලියෙක් හැටියට තාම පාර්ලිමේන්තුවේ සිටින්නේ මම විතරයි. මම ක්‍රියා කරන්නේ, ඒ අලි ගහනය වර්ධනය කර ගැනීමටයි. ඒ අනුව සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එකතු කර පාර්ලිමේන්තුවේ අලි ගහනය වැඩි කරනවා.