සජබය සමග එක්ව වැඩ කිරීමට කටයුතු කරන බව එජාපය නිල වශයෙන් ප්‍රකාශ කරයි

සජබය සමග එක්ව වැඩ කිරීමට කමිටුවක් හෝ ඒ හා සමාන යාන්ත්‍රණයක්..? (අචින්ත මධුර) එකසත් ජාතික පක්ෂය විසින් නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අද (08) ප්‍රකාශ කළේ, ඉදිරියේදීත් සමගි ජන බල වේගය ඇතුළු…
සජබය සමග එක්ව වැඩ කිරීමට කමිටුවක් හෝ ඒ හා සමාන යාන්ත්‍රණයක්..?
(අචින්ත මධුර)
එකසත් ජාතික පක්ෂය විසින් නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අද (08) ප්‍රකාශ කළේ, ඉදිරියේදීත් සමගි ජන බල වේගය ඇතුළු විපක්ෂයේ සියලු බලවේග සමග එක්ව කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවයි. ඒ සඳහා අවශ්‍ය කරනු ලබන සියලු යාන්ත්‍රණ ආරම්භ කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවද එම මාධ්‍ය නිවේදනය මගින් පෙන්වා දී තිබේ. එම මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.
මාධ්‍ය නිවේදනයයි
මූලික සාකච්ඡා වලදී එකඟතාවයට පැමිණි ආකාරයට සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කරගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තීරණයකට එළඹ සිටී. සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ සමග කටයුතු කිරීම සඳහා කමිටුවක් හෝ ඒ හා සමාන යාන්ත්‍රණයක් මගින් ක්‍රියා කිරීමටද එක්සත් ජාතික පක්ෂය අදහස් කරයි.
සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමඟ පොදු කාරණාවලදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් පසුගිය කාලය මුළුල්ලේම එක්සත් ජාතික පක්ෂය විරුද්ධ පක්ෂ සමග සාකච්ඡා කරනු ලැබිණි.
දැන්වීම
එම සාකච්ඡා වලදී එකඟත්වයට පැමිණි කරුණු අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා කීය.
මේ අනුව සමගි ජන බලවේගය සමඟ විවෘතව එකට වැඩ කිරීමට තීරණය කර තිබෙන බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.
2025 සැප්තැම්බර් 08
