අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

සජබය ශ්‍රේෂ්ඨාධිකරණයට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරලා.. ?

සජබය ශ්‍රේෂ්ඨාධිකරණයට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරලා.. ?

මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන ඇමතිවරුන් සමගි ජන බලවේගයෙන් පහ කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවට අදාළව සමගි ජන බලවේගය විසින් මෝසමක් මගින් ඉදිරිපත් කර තිබෙන ලේඛන, නඩුව…

මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන ඇමතිවරුන් සමගි ජන බලවේගයෙන් පහ කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවට අදාළව සමගි ජන බලවේගය විසින් මෝසමක් මගින් ඉදිරිපත් කර තිබෙන ලේඛන, නඩුව වෙනුවෙන්ම සකස් කර ඉදිරිපත් කර තිබෙන ව්‍යාජ ලේඛන බවත්, එම ලේඛන පිළි නොගන්නා ලෙසත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 

මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු පක්ෂයෙන් නෙරපීමට අදාළව නඩුව ගොනු කරන ලද අවස්ථාවේදී සමගි ජන බලවේගය විසින් අධිකරණයට ඉදිරිපත් කළ විරෝධතා ප්‍රකාශයට අදාළ ලේඛන සහ මෝසම මගින් ඉදිරිපත් කරන ලද ලේඛන අතර පරස්පරතාවයක් පවතින බවද ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා අධිකරණයට දැනුම් දුන්නේය.

ඇමතිවරුන් දෙදෙනා ඉවත් කිරීමට අදාළ රැස්වීම් වාර්තාවක් සමගි ජන බලවේගය විසින් මෝසමක් මගින් අදිකරණයට ඉදිරිපත් කර තිබුණි. මෙම වාර්තාව නඩුව ඉලක්ක කර ගෙන පසුව සකස් කර ඉදිරිපත් කර තිබෙන බවද පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. 

මේ නිසා මෙම ලේඛන පිළි නොගන්නා ලෙසට වන නියෝගයක් නිකුත් කරන ලෙස ෆයිසර් මුස්තාෆා අධිකරණයෙන් ඉල්ලා සිටී අතර එම ඉල්ලීම සලකා බලා තීරණයක් ලබා දෙන බවද අධිකරණය දැනුම් දුන්නේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න