සජබය දෙදරයි 20ක් ආණ්ඩුවට

සජිත්ට විපක්‍ෂ නායකකමත් අහිමි වන ලකුණු සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සකට වැඩි පිරිසක් ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙක්…
සජිත්ට විපක්‍ෂ නායකකමත් අහිමි වන ලකුණු
සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සකට වැඩි පිරිසක් ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙක් "lankanewsweek" සමග පැවැසීය.
මෙම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවට එකතු වන්නේ අවස්ථා කිහිපයක දී වන අතර පළමු කණ්ඩායම එළඹෙන අලුත් අවුරුද්දට පෙර පාර්ලිමේන්තුව රැස් වන 2023 අප්‍රේල් මස 04 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දී ආණ්ඩුවට එකතු වනු ඇතැයි ද ඔහු කියා සිටියේය.
මේ අතර මෙම පිල් මාරුව සිදු වුවහොත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සිය විපක්ෂ නායක ධුරය ද අහිමි වී යෑමේ අවදානමක් මතුව තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් "lankanewsweek" සමග වැඩි දුරටත් පැවසීය.