අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජබයේ Born Again රෙජිමයට එරෙහි බෞද්ධ සටන ඇරඹේ

සජබයේ Born Again රෙජිමයට එරෙහි බෞද්ධ සටන ඇරඹේ

සජිත්ට-ඉරාන්ට-හර්ෂට-ජලනිට විරෝධය "සජිත් එජාපය කැඩුවේ Born Again අවශ්‍යතාවයටයි" -නලින් ද සිල්වා- "සජබය Born Again අතකොළුවක්" -මහා සංඝ රත්නය- සමගි ජන බලවේගයේ සිටින "Born Again" ක්‍රිස්තියානි රෙජීමය සහ…

සජිත්ට-ඉරාන්ට-හර්ෂට-ජලනිට විරෝධය 

"සජිත් එජාපය කැඩුවේ  Born  Again අවශ්‍යතාවයටයි" -නලින් ද සිල්වා-  

"සජබය Born  Again අතකොළුවක්" -මහා සංඝ රත්නය- 

සජබයේ Born Again රෙජිමයට එරෙහි බෞද්ධ සටන ඇරඹේ

සජබයේ Born Again රෙජිමයට එරෙහි බෞද්ධ සටන ඇරඹේ

සජබයේ Born Again රෙජිමයට එරෙහි බෞද්ධ සටන ඇරඹේ

දැන්වීම

සමගි ජන බලවේගයේ සිටින "Born  Again" ක්‍රිස්තියානි රෙජීමය සහ සිංහල-බෞද්ධ නායකයින් අතර මේ වන විට ඇති වී තිබෙන මත වාදී ගැටුම හේතුවෙන් එම පක්ෂ අභ්‍යන්තරයේ උග්‍ර අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබේ.

"Born  Again" ක්‍රිස්තියානි රෙජීමයේ නියමුවන් ලෙස සමගි ජන බලවේගයේ අභ්‍යන්තරයේ ක්‍රියා කරන්නේ එම පක්ෂයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න යන මහත්ම මහත්මීන්ය.

මේ තත්ත්වය හේතුවෙන් දැඩි  කලකිරීමට, අපේක්ෂා භංගත්වයට සහ කර කියා ගත නොහැකි තත්ත්වයකට පත්ව සිටින පාඨලී චම්පික රණවක මහතා ඇතුළු එම පක්ෂයේ සියලුම සිංහල-බෞද්ධ නායකයින් ඊට එරෙහිව සටන් කරමින් සිටින අතර එම නායකයින් චෝදනා කර සිටින්නේ සමගි ජන බලවේගය සම්පූර්ණයෙන්ම මෙහෙය වන්නේ "Born  Again" ක්‍රිස්තියානි රෙජීමය මගින් වන බවටය.

සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ පවතින මෙම තත්ත්වය සහ එම පක්ෂයේ ආගමික, සමාජ, දේශපාලනික සහ සංස්කෘතික න්‍යාය පත්‍රය මුළු රටටම මුලින්ම හෙළිදරව් කර සිටියේ, "lankanewsweek" වන අතර ඒ "සමගි බලය දුවන්නේ Born  Again සල්ලිවලින්" යන ශීර්ෂය යටතේ 2020.08.01 වැනිදාය. 

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය නඩත්තු වන්නේ ද, ඔහු සිය මහා මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කළේ ද, මූලධර්ම වාදී "Born  Again" ක්‍රිස්තියානි රෙජීමයේ සල්ලිවලින් බවට මේ වන විට සාක්කි සාධක සහිතව සියලු තොරතුරු අනාවරණය වී ඇති බව මහා සංඝ රත්නය චෝදනා කර සිටිති.

මේ සම්බන්ධයෙන් "lankanewsweek" වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් කොළඹ, සේදවත්ත පුරාණ රජ මහා විහාරාධිපති සහ එක්සත් ජාතික භික්ෂූ පෙරමුණේ ජාතික සංවිධායක අඹන්වල ඥානාලෝක නා හිමියෝ මෙසේ පැවසූහ.

"සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය නඩත්තු වන්නේ ද, ඔහු සිය මහා මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කළේ ද  මූලධර්ම වාදී "Born  Again" ක්‍රිස්තියානි රෙජීමයේ සල්ලිවලින් බවට මේ වන විට සාක්කි සාධක සහිතව සියලු තොරතුරු අනාවරණය වී තිබෙන බව කිව යුතුයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ භාර්යාව වන ජලනි ප්‍රේමදාස මැතිනිය "Born  Again" ක්‍රිස්තියානි ආගම අදහන්නියක් වන අතර ඇය සිය නමස්කාරය සඳහා නිතර පැමිණෙන්නේ කොළඹ, නාරාහේන්පිට පිහිටි "මහා ජන දේව සභාව" හෙවත් "Peoples Church-Assembly of God" දේවස්ථානයටයි. මෙම පල්ලියේ නිර්මාතෘවරයා වන්නේ ඉරාන් වික්‍රමරත්න මහතාගේ පියා වන අතර උග්‍ර "Born  Again" ක්‍රිස්තියානි භක්තියෙකු වන ඉරාන් වික්‍රමරත්න මහතා කලක් එම පල්ලියේ ප්‍රධාන දේවගැතිවරයෙකු ලෙස දේව සේවයේ යෙදී සිටියා. සිය නමස්කාරය සඳහා අදටත් ඔහු එම දේවස්ථානයට පැමිණෙන අතර එම පල්ලියේ පාලක සභාව ද නියෝජනය කරනවා.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය සහ "Born  Again" ක්‍රිස්තියානිය අතර මුල්‍ය ප්‍රතිපාදන ඇතුළු සියලු කටයුතු සම්බන්ධීකරණය කරන්නේ උග්‍ර "Born  Again" භක්තිකයින් වන ජලනි ප්‍රේමදාස මැතිනිය සහ ඉරාන් වික්‍රමරත්න මහතායි. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට යැව්වේ ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කිරීම "Born  Again" ක්‍රිස්තියානි රෙජීමයේ නියත අවශ්‍යතාවයක් වූ නිසයි.

මේ භයානක සහ අනතුරුදායක තත්ත්වය සැබෑ සිංහල-බෞද්ධ ජනයා හොඳින් තේරුම් ගත යුතු අතර "Born  Again" ක්‍රිස්තියානියේ අතකොලුවක් වී සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය සැබෑ සිංහල-බෞද්ධයින්ගේ අයිතීන්, ආරක්ෂාව සහ අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා කරවී ද කියා ජනතාව තීරණය කළ යුතුයි."

මේ අතර ජාතික චින්තනය වෙනුවෙන් සිය ජීවිත කාලය පුරාවටම ක්‍රියා කරමින් සිටින, චින්තන පර්ෂදයේ නිර්මාතෘ ජ්‍යෙෂ්ඨ සහ කීර්තිමත් මහාචාර්ය නලින් ද සිල්වා මහතා සාක්කි සාධක ඇතිව කියා සිටින්නේ ද, සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගය යනු "Born  Again" ක්‍රිස්තියානි රෙජීමයේ ඉත්තෙකු වන අතර සජිත් ප්‍රේමදාසලා එක්සත් ජාතික පක්ෂය දෙකඩ කළේ ද එම රෙජීමයේ බලපෑම මත බවයි.

මේ අතර මේ සියලු තොරතුරු තහවුරු කර සිටින සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ කළුතර දිසාවේ ප්‍රධාන සංඝ නායක බෝපිටියේ ධම්මිස්සර නා හිමියන් ප්‍රශ්න කර සිටින්නේ කිසිදු ව්‍යාපාරයක් හෝ රැකියාවක් නොකරන සජිත් ප්‍රේමදාස මහතා ජීවත් වන්නේ සහ රුපියල් කෝටි ගණන් වියදම් කරමින් සමගි ජන බලවේගයේ මහා මැතිවරණ ව්‍යාපාරය ගෙන ගියේ කෙසේද යන්න පිළිබඳවය.

ජනාධිපතිවරණය වෙනුවෙන් වූ රුපියල් කෝටි ගණනක ණය සජිත් ප්‍රේමදාස මහතා ගෙව්වා නම් ඒ ණය ගෙවීමට ද, මහා මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් වියදම් කිරීමට තවත් රුපියල් කෝටි ගණන් මුදල් ද තමාට දුන්නේ කවුරුන්ද, ඒ කුමන පදනමකින්, කිනම් අවශ්‍යතාවයකින් සහ අරමුණකින්ද යන්න පිළිබඳව ඔහු බහුතර සිංහල-බෞද්ධ ජනතාවට හෙළි කළ යුතු යැයි ද බෝපිටියේ ධම්මිස්සර නා හිමියෝ අවධාරණය කළහ.

සජබයේ Born Again රෙජිමයට එරෙහි බෞද්ධ සටන ඇරඹේ

සජබයේ Born Again රෙජිමයට එරෙහි බෞද්ධ සටන ඇරඹේ

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
සජබයේ Born Again රෙජිමයට එරෙහි බෞද්ධ සටන ඇරඹේ | Lanka Newsweek