අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජබයේ දෙවන භික්ෂූ උපදේශක සභාව අනුරපුර දී මහ ඉහළින්..!

සජබයේ දෙවන භික්ෂූ උපදේශක සභාව අනුරපුර දී මහ ඉහළින්..!

දෙවන භික්ෂූ උපදේශක සභාව සජිත්-ජලනි-රංජිත්-ගයන්තගේ කැපවීමෙන් අනුරපුරදී මහ ඉහළින් දිසාවේ ප්‍රධානම හිමිවරු 700 ක් එක් වෙති බුදු දහම ව්‍යවස්ථාවෙන් රැක්කට අද පන්සල් වැහිලා-සසුන පිරිහිලා රටට වගේම ඊටත්…

දෙවන භික්ෂූ උපදේශක සභාව සජිත්-ජලනි-රංජිත්-ගයන්තගේ කැපවීමෙන් අනුරපුරදී මහ ඉහළින්

දිසාවේ ප්‍රධානම හිමිවරු 700 ක් එක් වෙති 

බුදු දහම ව්‍යවස්ථාවෙන් රැක්කට අද පන්සල් වැහිලා-සසුන පිරිහිලා 

රටට වගේම ඊටත් විසඳුම් ලබා දෙනවා 

විපක්ෂ නායක අවධාරණය කරයි 

ඉන්දියාව හා ලංකාවෙහි දෙබිඩි කතා කියන කයියනායකලට රටවල් ගොඩගනු බෑ -දඹර අමිල හිමි-

සජබයේ දෙවන භික්ෂූ උපදේශක සභාව අනුරපුර දී මහ ඉහළින්..!

භික්ෂූ උපදේශක සභාව දෙවන වරට මෙවර අනුරපුර ගෝල්ඩන් මැංගෝ හෝටලයේදී අති සාර්ථකව නිමවිය.එම දිස්ත්‍රික්කයේ පන්සල් 1127 පැවැති අතර ඉන් 283 ක් වැසී කැලෑවෙන් යටව තිබේ.

ඉතිරි පන්සල් අතරින් ආරාධනා කළ පන්සලේ ප්‍රධාන නාහිමිවරුන් 700 ක් මෙම අවස්ථාවට වැඩම කළහ. ආචාර්ය කඩවත්ගම පියරතන හා උඩුගබිබිල ඥාණාලෝක නා හිමිවරු ද දිසාව වෙනුවෙන් අනුසාසනා කළහ.ඊතණවැටුණවැව ඥාණාතිලක, තන්තිරිමලේ චන්ද්‍රරතන, මානෙල්වැව විමලජෝති, අරුණපුර පේමරතන යන නා හිමිවරුද මෙම පුණ්‍ය කටයුත්තට වැඩම කළහ.

දැන්වීම

එහිදී අනුසාසනාවක් කළ දඔර අමිල හිමි කීවේ..."ඉන්දියාවෙදි හා ලංකාවෙදි දෙබිඩි විදියට කතා කරන දළදාවටත් බෝම්බ ගහපු කයියනායකයන්ට රටවල් ගොඩගනු බෑ" කියාය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කීවේ..."රටේ පන්සල් 10, 089න් පන්සල් වැහිලා. ව්‍යවස්ථාවෙන් පන්සල් රකින බව කියා විතරක් බෑ. අපි ප්‍රායෝගිකව පන්සල් හා හිමිවරු රකිනවා. විපක්ෂයේ ඉඳන් චෛත්‍ය 12 කුත් ගොඩ නගලා බුදු දහමට ඇති අපේ කැපවීම පෙන්නුවා" කියාය.

මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර හා  හිටපු ඇමති ගයන්ත කරුණාතිලක ද කතා කළහ. චන්ද්‍රානි බණ්ඩාර හා රෝහණ බණ්ඩාර පූර්ණ සිල්වා ඇතුළු විශාල පිරිසක් ඊට සංවිධායක සහාය ලබා දුන්හ.

(අශෝක ජයතුංග)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සජබයේ දෙවන භික්ෂූ උපදේශක සභාව අනුරපුර දී මහ ඉහළින්..! | Lanka Newsweek