අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජබයේ තවත් ප්‍රභල ප්‍රබලයෙකුගේ සහාය ජනපතිට

සජබයේ තවත් ප්‍රභල ප්‍රබලයෙකුගේ සහාය ජනපතිට

සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එකතු විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපතිවරණයට…

සමගි ජන බලවේග මහනුවර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එකතු විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපතිවරණයට නාම  යෝජනා භාරදීමට පිටත්ව යාමට සුළු වේලාවකට පෙර ෆ්ලවර් රෝඩ් හි පිහිටි කාර්යාලයට පැමිණි මන්ත්‍රීවරයා තමන්ගේ සහාය ජනාධිපතිට ලබාදෙන බවට වන සුබ ආරංචිය ලබාදුන්නේය.

සමගි ජන බලවේගයේ වතුකරය නියෝජනය කරන ප්‍රභල මන්ත්‍රී වරයෙක් වන වේලු කුමාර් මහතා 2015  අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයෙන් ජයගෙන පළමුවරට පාර්ලිමේන්තුවට පැමිණි අතර 2019 වසරේ පැවති මහ මැතිවරණයෙන්ද ජයගත් ඒ මහතා සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේය..

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න