අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජබයේ කලකිරුණු මන්ත්‍රීන් පිරිසක් ජනපති සමග එකතු වන බව එජාපය කියයි

සජබයේ කලකිරුණු මන්ත්‍රීන් පිරිසක් ජනපති සමග එකතු වන බව එජාපය කියයි

විවිධ දේශපාලන, ප්‍රතිපත්ති සහ පෞද්ගලික හේතූන් මත කලකිරීමට පත්ව සිටින සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය සහය පළ කරමින් ඔහු සමග එක් වීමට සූදානමින් සිටින බව…

විවිධ දේශපාලන, ප්‍රතිපත්ති සහ පෞද්ගලික හේතූන් මත කලකිරීමට පත්ව සිටින සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය සහය පළ කරමින් ඔහු සමග එක් වීමට සූදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයෙකු සමගි ජන බලවේගයේ මේ මන්ත්‍රීවරුන් සමග මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර තිබෙන අතර මේ පිරිස ඉදිරි දෙසතිය ඇතුළත දී එක්සත් ජාතික පක්ෂය සමග එකතු වන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් "lankanewsweek" සමග පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් "සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවති එම පක්ෂයේ කළමනාකරණ කමිටුවේ දී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී තිබේ. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සජබයේ කලකිරුණු මන්ත්‍රීන් පිරිසක් ජනපති සමග එකතු වන බව එජාපය කියයි | Lanka Newsweek