අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජබයේ ආර්ථික ඔස්තාර්ලාට පක්ෂ අභ්‍යන්තරයෙන්ම විරෝධය

සජබයේ ආර්ථික ඔස්තාර්ලාට පක්ෂ අභ්‍යන්තරයෙන්ම විරෝධය

සමගි ජන බලවේගයේ ආර්ථික ඔස්තාර්ලා ලෙස පෙනී සිටින ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසට එම පක්ෂ අභ්‍යන්තරයෙන්ම විශාල විරෝධයක් එල්ල වෙමින් පවතියි. ආචාර්ය හර්ෂ ද සිල්වා සහ…

සමගි ජන බලවේගයේ ආර්ථික ඔස්තාර්ලා ලෙස පෙනී සිටින ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසට එම පක්ෂ අභ්‍යන්තරයෙන්ම විශාල විරෝධයක් එල්ල වෙමින් පවතියි.

ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු ආර්ථික ඔස්තාර්ලාට චෝදනා එල්ල කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කියා සිටින්නේ, ඒ අය ජනතා ප්‍රශ්න සහ දේශපාලනය ගැන කතා නොකර ආර්ථික විද්‍යාව සහ එහි න්‍යායන් පිළිබඳව කරන කතා කිසිවෙකුට නොතේරෙන බවය.

මේ ආර්ථික ඔස්තාර්ලා හිතා ගෙන සිටින්නේ ඒ අයට දන්නා කිසිවෙකු මේ ලෝකයේ නොමැති බව යැයි ද, විපක්ෂයේ සිටිමින් මේ අය කරන්නේ ආණ්ඩුවට ආවැඩීම යැයි ද සමගි ජන බලවේගයේ එම මන්ත්‍රීවරු චෝදනා කර සිටිති.

යහ පාලන ආණ්ඩු සමයේ මේ කිසිම ආර්ථික ඔස්තාර්වරයෙකු සිටියේ නැතැයි ද, රුපවාහීනී වැඩසටහන් සඳහා සභාගී වූයේ සාමාන්‍ය මන්ත්‍රීවරුන් යැයි ද, එම මන්ත්‍රීවරුන් ජනතාව නියෝජනය කරමින් ආණ්ඩුව වෙනුවෙන් දේශපාලනය කතා කළේ යැයි ද එම මන්ත්‍රීවරු වැඩි දුරටත් පෙන්වා දෙති.   

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සජබයේ ආර්ථික ඔස්තාර්ලාට පක්ෂ අභ්‍යන්තරයෙන්ම විරෝධය | Lanka Newsweek