සජබයෙන් එනවා කිව්ව 25 කෝ..? පොහොට්ටුව ප්‍රශ්න කරයි..!

ජූලි 15 ට පෙර ඔවුන් නාවොත් පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව දැනුම් දෙයි පොහොට්ටුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නැයි බිම් මට්ටමෙන් බලපෑම් සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයෙන් ආණ්ඩුවට එකතු වෙනවා යැයි…
ජූලි 15 ට පෙර ඔවුන් නාවොත් පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව දැනුම් දෙයි
පොහොට්ටුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නැයි බිම් මට්ටමෙන් බලපෑම්
සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයෙන් ආණ්ඩුවට එකතු වෙනවා යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසි පස් දෙනා 2024. ජූලි මස 15 වැනිදාට පෙර සම්බන්ධ කර ගන්නා ලෙසට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත.
එසේ සම්බන්ධ කර ගැනීමට නොහැකි වුව හොත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සිදු වන බව ද එම පෙරමුණ ජනාධිපතිවරයාට දන්වා ඇත.
මේ අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා කැමැත්ත පළ කර ඇති ජනාධිපති අපේක්ෂකයින් කිහිපදෙනෙකු සමග ගෙවුණු සතියේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සාකච්ඡා කළ බව එම පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන ලෙසට බිම් මට්ටමෙන් එම පක්ෂ නායකත්වයට දිගින් දිගටම දැඩි බලපෑම් සහ ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබෙන අතර ආණ්ඩුවට සම්බන්ධ වීමට මුල සිට කැමැත්ත පළ කර සිටී විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිස එසේ සම්බන්ධවීම තව දුරටත් ප්‍රමාද කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.