අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජබයෙකු ජනපති මාර්ගයෙන් මත්පැන් බලපත්‍රයක් ලබා දී ලක්ෂ 50ක සන්තෝසමක් ලබා ගෙන

සජබයෙකු ජනපති මාර්ගයෙන් මත්පැන් බලපත්‍රයක් ලබා දී ලක්ෂ 50ක සන්තෝසමක් ලබා ගෙන

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රීවරයෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ඔහු මාර්ගයෙන් සිය හිතවතෙකුට මත්පැන් බලපත්‍රයක් ලබා දී ඒ වෙනුවෙන් සිය හිතවතාගෙන් රුපියල් ලක්ෂ…

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රීවරයෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ඔහු මාර්ගයෙන් සිය හිතවතෙකුට මත්පැන් බලපත්‍රයක් ලබා දී ඒ වෙනුවෙන් සිය හිතවතාගෙන් රුපියල් ලක්ෂ 50ක සන්තෝසමක් ලබා ගෙන තිබේ.

මේ තරුණ සහ කඩවසම් මන්ත්‍රීවරයා මෙසේ ජනපති හමු වී සිය හිතවතා වෙනුවෙන් මත්පැන් බලපත්‍රයක් ඉල්ලා තිබෙන්නේ, යම් උදව්වක් හෝ උපකාරයක් අවශ්‍ය නම් තමා හමු වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට කර ඇති දැනුම් දීමට අනුවය. 

ජනාධිපතිවරයාගේ මෙම දැනුම් දීමට අනුව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පොලීමේ ගොස් රනිල් වික්‍රමසිංහ මහතා හමුවී විවිධ උදව්-උපකාර ලබා ගන්නා තත්ත්වයක් උදා වී ඇති අතර එම මන්ත්‍රීවරු මේ වන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පාලනයෙන් ගිලිහී ගොස් සිටිති. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සජබයෙකු ජනපති මාර්ගයෙන් මත්පැන් බලපත්‍රයක් ලබා දී ලක්ෂ 50ක සන්තෝසමක් ලබා ගෙන | Lanka Newsweek