සජබයට ගහන්න වියදම් කළ සල්ලි පාසල් පද්ධතිය වෙනුවෙන් යොදවන්න තිබුණා

මේ රජය දක්ෂ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට විතරයි මෙවැනි මැර ප්‍රහාර එල්ල කරන්නේ ජන මතයක් නොමැති පාලකයින් -විපක්ෂ නායක අවධාරණය කරයි- ආණ්ඩුවට එරෙහිව පොදු ජනතාව වෙනුවෙන් සමගි ජන බලවේගය මගින් කොළඹ දී සංවිධානය…
මේ රජය දක්ෂ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට විතරයි
මෙවැනි මැර ප්‍රහාර එල්ල කරන්නේ ජන මතයක් නොමැති පාලකයින්
-විපක්ෂ නායක අවධාරණය කරයි-
ආණ්ඩුවට එරෙහිව පොදු ජනතාව වෙනුවෙන් සමගි ජන බලවේගය මගින් කොළඹ දී සංවිධානය කෙරුණු විරෝධතා ව්‍යාපාරයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට ආණ්ඩුව නාස්ති කළ අති විශාල මුදල රටේ පාසල් පද්ධතිය දියුණු කිරීම සඳහා යොදා ගැනීමට හැකියාව තිබුණේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.
උසස් පෙළ උගන්වන ගුරුවරුන්ට වෙනත් සමාජ සේවා ආයතනයකින් වැටුප් ලබා දෙන රටක් වියදම් කළ යුත්තේ කඳුළු ගෑස්, රබර් උණ්ඩ සහ ජල ප්‍රහාරවලට අවශ්‍ය උපකරණ ගෙන්වීමට ද, එසේ නොමැති නම් ගුරු හිඟය සහ සම්පත් හිඟය පියවා අධ්‍යාපනය ගොඩනැගීමට දැයි හෙතෙම ප්‍රශ්න කර සිටියේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව අවධාරණය කර සිටියේ බදාදා (31) මාතර, දික්වැල්ල, මින්හාත් ජාතික පාසලට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩ සටහනේ 73 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පනති කාමර ලබා දීමේ අවස්ථාවකට එක්වෙමිනි.
දැන්වීම
රාජ්‍ය ත්‍රස්තවාදය, රාජ්‍ය මිලේච්ඡත්වය, රාජ්‍ය කුරිරු භාවය, කෲරත්ව සහ ප්‍රචණ්ඩත්වය හරහා සමගි ජන බලවේගයේ ගමන නතර කළ නොහැකි යැයි ද, ලක්ෂ 220ක් වූ රටේ මහා ජනතාව වෙනුවෙන් සමගි ජන බලවේගය සාමකාමීව සහ ප්‍රජාතන්ත්‍රවාදීව වීදි සටනක් සිදු කළත් අනීතික රජයක අනීතික ප්‍රහාරවලට ලක්වීමට සිදු වූවේ යැයි පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා මෙවැනි ප්‍රහාර එල්ල කරනු ලබන්නේ ජන මතයක් නොමැති ජනතාව පත් නොකළ වරමක් නොමැති රජයන් යැයි ද චෝදනා කළේය.
කඳුළු ගෑස්, ජල ප්‍රහාර, ගුටි බැට සහ පොලිස් තර්ජන එල්ල කරමින් රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරනවා වෙනුවට රටේ පාසල් 10126 අඩුපාඩු දෙස බලා ලක්ෂ 41ක් වූ පාසල් දූ දරුවන්ගේ මානව සහ මූලික අයිතිවාසිකම් දෙස බලන ලෙස රජයෙන් ඉල්ලා සිටී සජිත් ප්‍රේමදාස මහතා රටේ ලක්ෂ 220ක් වෙනුවෙන් ලොකු හඬක් නැගූ ජනතාවගේ මානව සහ මූලික අයිතිවාසිකම් රජය කඩ කරමින් සිටින්නේ යැයි ද චෝදනා කළේය.
මේ රජය දක්ෂ වී ඇත්තේ 365 දවසෙම රාජ්‍ය ප්‍රචණ්ඩත්වය, ත්‍රස්තවාදය සහ මිලේච්ඡත්වය යොදවා ජනතාවගේ කටවල් වැසීමට යැයි ද, පැහැදිලිවම සමගි ජන බලවේග රජයක් යටතේ අධ්‍යාපනයේ නිදහස ඇතුළු සෑම නිදහසක්ම තහවුරු කර ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි ලොවටම ගැලපෙන ගුණාත්මකභාවයෙන් ඉහළ අධ්‍යාපන ක්‍රමයක් ඇති කර බංකොලොත්භාවයෙන් රට ගොඩගන්නේ යැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 73ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 707ක් වැය කර තිබේ.
