අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජබයට එල්ල කළ මැර ප්‍රහාරය පාඨලී චම්පික හෙළා දකියි

සජබයට එල්ල කළ මැර ප්‍රහාරය පාඨලී චම්පික හෙළා දකියි

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන බරපතළ ප්‍රශ්නයක් මතු වෙලා විපක්ෂ නායකවරයාටත් සලකන්නේ මෙහෙමද..? සමගි ජන බලවේගය කොළඹ දී සංවිධාන කළ විරෝධතා ව්‍යාපාරයට පොලීසිය යොදවා අමානුෂික කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල…

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන බරපතළ ප්‍රශ්නයක් මතු වෙලා 

විපක්ෂ නායකවරයාටත් සලකන්නේ මෙහෙමද..?

සමගි ජන බලවේගය කොළඹ දී සංවිධාන කළ විරෝධතා ව්‍යාපාරයට පොලීසිය යොදවා අමානුෂික කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම තරයේ හෙළා දකින බව එක්සත් ජන රජ පෙරමුණේ නායක සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියි. 

රටේ විපක්ෂ නායකවරයා නියෝජනය කරන සමගි ජන බලවේගය යනු විපක්ෂයේ වැඩිම ආසන සංඛ්‍යාවක් සහිත පාර්ලිමේන්තු දේශපාලන පක්ෂය වන බව පෙන්වා දෙන පාඨලී චම්පික රණවක මහතා එම පක්ෂයේ උද්ඝෝෂණයක පවා රජය සලකන්නේ මේ ආකාරයට නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් මතු වන බව ද අවධාරණය කරයි. 

පාර්ලිමේන්තුව මගින් තාවකාලිකව පත් කර ගනු ලැබූ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ වගකීම, යුතුකම සහ කාර්ය භාරය වන්නේ පොලීසිය යොදා ගෙන ජනතාව මර්දනය කිරීම නොව රට නිවන තැනකට ගෙන ගොස් සාමය තහවුරු කර සිහිබුද්ධියෙන් තීරණ ගන්නා ජනතාවක් බිහි කිරීම වන බව ද පාඨලී චම්පික රණවක මහතා වැඩි දුරටත් කියා සිටියි. 
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සජබයට එල්ල කළ මැර ප්‍රහාරය පාඨලී චම්පික හෙළා දකියි | Lanka Newsweek