සජබයට එක් වූ හිටපු යුද හමුදාපති මව්බිම ගිය බව කියන පුවත බොරුවක්

පැරණි ඡායාරුප එකතුවක් පුවත පදනම් විරහිතයි-අසත්‍යයි දයා රත්නායකගෙන් අහන්න තිබුණා සජබය නිවේදනයකින් කියයි සමගි ජන බලවේගය සමඟ එකතු වූ හිටපු යුධ හමුදාපති දායා රත්නායක මහතා, දිලිත් ජයවීර මහතා නායකත්වය දරන…
පැරණි ඡායාරුප එකතුවක්
පුවත පදනම් විරහිතයි-අසත්‍යයි
දයා රත්නායකගෙන් අහන්න තිබුණා
සජබය නිවේදනයකින් කියයි

සමගි ජන බලවේගය සමඟ එකතු වූ හිටපු යුධ හමුදාපති දායා රත්නායක මහතා, දිලිත් ජයවීර මහතා නායකත්වය දරන මව්බිම ජනතා පක්ෂය සමග එකතු වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරෙන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍ය සහ පදනම් විරහිත බව එම පක්ෂය විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
මේ කියන අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රවෘත්තියට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති ඡායාරූප පැරණි ඡායාරුප වන අතර එවැනි ඡායාරුප භාවිතා කොට සිදු කරන දේශපාලන ප්‍රචාර තරයේ හෙළා දකින බව මේ සම්බන්ධයෙන් සිය අත්සනින් යුතුව සමගි ජන බලවේගයේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී නීතීඥ සුජීව සේනසිංහ මහතා නිකුත් කර ඇති එම විශේෂ නිවේදනයේ සඳහන් වේ.
දැන්වීම
සමගි ජන බලවේගය ශක්තිමත් කිරීම සඳහා විවිධ පාර්ශවයන් එකට ඒකරාශිවීම මත මෙවැනි අසත්‍ය ප්‍රචාාරය ඉදිරියේදී ද සිදු විය හැකි වන නිසා සමගි ජන බලවේගය ඒ පිළිබදව දැඩි අවධානවයන් සිටින බව ද එම නිවේදනයේ සඳහන් වේ.
මෙම ඡායාරූප පළ කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක මහතාගෙන් විමසා සිටියේ නම් එම පියවර යහපත් සහ සාධාරණ සමාජ මාධ්‍ය භාවිතයක් වනු ඇති බව ද සුජීව සේනසිංහ මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.