අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සඟවා තිබූ සීනි තොග වෙළෙඳපොළට..!

සඟවා තිබූ සීනි තොග වෙළෙඳපොළට..!

(හේමන්ත තුසිත කුමාර) මහ පරිමාණ සීනි ආනයනකරුවන් විසින් කෘතිම සීනි හිඟයක් නිර්මාණය කරමින් අධික මිල ගණන් වලට සීනි වෙළෙඳපොළට නිකුත් කිරීමේ අරමුණින් සඟවා තිබියදී සොයාගත් සීනි තොග මෙට්‍රික් ටොන් 21,000කට…

(හේමන්ත තුසිත කුමාර)

මහ පරිමාණ සීනි ආනයනකරුවන් විසින් කෘතිම සීනි හිඟයක් නිර්මාණය කරමින් අධික මිල ගණන් වලට සීනි වෙළෙඳපොළට නිකුත් කිරීමේ අරමුණින් සඟවා තිබියදී සොයාගත් සීනි තොග මෙට්‍රික් ටොන් 21,000කට අධික ප්‍රමාණයක්  බදාදා(01) අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එම්. එස්. පී. නිවුන්හැල්ලගේ අධීක්ෂණය යටතේ පාරිභෝගිකයින්ට අලෙවි කිරීම සඳහා රැගෙන යෑමට කටයුතු කරනු ලැබීය.

පසුගියදා සීනි සඟවා තිබූ ගබඩා රැසක් වැටලීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කල අතර ඊට පාරිභෝගික කටයුතු අධිකාරිය සහ පොලීසිය ද එක්විය. එහිදී නීතිවිරෝධී අයුරින් සීනි සඟවා තිබූ ගබඩාවලට මුද්‍රා තැබුණි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සඟවා තිබූ සීනි තොග වෙළෙඳපොළට..! | Lanka Newsweek