අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සංස්කෘතික අරමුදලේ කිසිම වංචාවක් වෙලා නැහැ.

සංස්කෘතික අරමුදලේ කිසිම වංචාවක් වෙලා නැහැ.

ඒ කතාව මහා මැතිවරණය දිනන්න රාජපක්ෂවරු ගහපු මඩක් විතරයි විපක්ෂ නායක සියල්ල හෙළි කරයි පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් සංස්කෘතික අරමුදලේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා සෙවීමට…

ඒ කතාව මහා මැතිවරණය දිනන්න රාජපක්ෂවරු ගහපු මඩක් විතරයි 

විපක්ෂ නායක සියල්ල හෙළි කරයි

පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් සංස්කෘතික අරමුදලේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා සෙවීමට කමිටුවක් පත් කළ බවත් එම කමිටුවට හරිගුප්තා රෝහණධීර, ගෝඨාභය ජයරත්න සහ ගාමිණි සරත් එදිරිසිංහ යනාදීන් පත් කරමින් ඔවුන් වාර්තාවක් ඉදිරිපත් කළත් එම වාර්තාවට ඒ කිසිවෙක් අත්සන් කර නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බදාදා (06) පාර්ලිමේන්තුවේදී සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනි.

ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම වාර්තාව සකස් කිරීමේ අරමුණ වූයේ 2020 ජනාධිපතිවරණය ඉලක්ක කර ගෙන සජිත් ප්‍රේමදාස වන තමාටත් සමගි ජන බලවේගයටත් මඩ ගැසීමේ අරමුණින් බවත් මෙහි දී සම්පූර්ණ දේශපාලන මඩ ගැසීමක් සහ චරිත ඝාතනයක් සිදුව ඇති බවත් මේ අත්සන් නොකළ වාර්තාව පදනම් කර ගෙන තමාට එරෙහිව අල්ලස් කොමිසමේ පැමිණිල්ලක් දැමු විට අල්ලස් කොමිසම කියා ඇත්තේ එම පැමිණිල්ල සම්බන්ධයෙන් කටයුතු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි සහ කරුණු නොමැති බැවින් ඉදිරි කටයුතු නොකරන බවත් යැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

අල්ලස් කොමිසම මෙවැනි දෙයක් කියූ පසු විශ්‍රාමික මහ අධිකරණ විනිසුරු වසන්ත ජිනදාස, විශ්‍රාමික පරිපාලන නිලධාරිනී ඩබ්. පී. ගුණපාල සහ ශ්‍රී ලංකා ගණකාධිකාර සේවයේ විශ්‍රාමික නිලධාරි එම්. බී. වීරකෝන් යනාදීන්ගේ මූලිකත්වයෙන් තවත් කමිටුවක් පත් කරමින් වාර්තාවක් සකස් කළත් එම වාර්තාව ද එළි නොදක්වන බවත් කියා සිටී සජිත් ප්‍රේමදාස මහතා ඊට හේතුව එම වාර්තාවේ හිටපු සංස්කෘතික කටයුතු ඇමතිවරයාට විරුද්ධව කිසිදු චෝදනාවක් නොමැති වීම බවත් හෙළි කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සංස්කෘතික අරමුදලේ කිසිම වංචාවක් වෙලා නැහැ. | Lanka Newsweek