සංශෝධනයත් සමග නව ගෑස් මිල ගණන්

(හේමන්ත තුසිත කුමාර) ඉරිදා(10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ගණන් ඉහළ දැමීමට ලිට්‍රෝ සමාගම සහ ලාෆ් සමාගම තීරණය කළේය. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල…
(හේමන්ත තුසිත කුමාර)
ඉරිදා(10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ගණන් ඉහළ දැමීමට ලිට්‍රෝ සමාගම සහ ලාෆ් සමාගම තීරණය කළේය.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257කින් ඉහළ නැංවූ අතර එහි මිල රුපියල් 2,750ක් ලෙස ප්‍රකාශයට පත් වුවත් නැවත මිල රුපියල් 75කින් පහත දමා නව මිල රුපියල් 2,675ක් ලෙසට සංශෝධනය කරනු ලැබීය .
එමෙන්ම කිලෝග්‍රෑම් 5ක් වු ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 503කින්ද මිල ඉහල දමා සිලින්ඩරයක් රුපියල් 1,101ක් ලෙස ප්‍රකාශයට පත් වූ අතර රුපියල් 30කින් නැවත මිල අඩුකර නව මිල රුපියල් 1,071ක් ලෙසට සංශෝධනය කරනු ලැබීය.
දැන්වීම
කිලෝග්‍රෑම් 2.5ක් වු ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231කින්ද මිල ඉහල දමා සිලින්ඩරයක් රුපියල් 520ක් ලෙස ප්‍රකාශයට පත් වූ අතර රුපියල් 14කින් නැවත මිල අඩුකර නව මිල රුපියල් 506ක් ලෙසට සංශෝධනය කරනු ලැබීය.
ලාෆ් ගෑස් සමාගම ද ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල ගණන් ඉහළ දමා තිබේ.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 984කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 2,840ක් වේ. එමෙන්ම කිලෝ ග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් 393කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 1,136කි.