සංවර්ධන බැඳුම්කර සියයට 25ක් විකිණිලා නැහැ

ගැණුම්කරුවෝ නැහැ "ඉතිහාසයේ විශාලතම ආර්ථික අර්බුදයට ශ්‍රී මුහුණ දී ලා" (නිලන්ති මානෙල් චන්ද්‍රසේන) ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වෙන්දේසිය හෙවත් "Sri Lanka Development Bonds" (SLDBs) මගින් ඇමරිකානු…
ගැණුම්කරුවෝ නැහැ
"ඉතිහාසයේ විශාලතම ආර්ථික අර්බුදයට ශ්‍රී මුහුණ දී ලා"

(නිලන්ති මානෙල් චන්ද්‍රසේන)
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වෙන්දේසිය හෙවත් "Sri Lanka Development Bonds" (SLDBs) මගින් ඇමරිකානු ඩොලර් මිලියන 75 ක් ලබා ගැනීමට ශ්‍රී ලංක මහා බැංකුව උත්සහ කර තිබූ නමුත්, 2021 අගෝස්තු මස පළමු වැනිදා සිට එකොලොස් වැනිදා දක්වා පැවති එම වෙන්දේසියේ දී අලෙවි වී ඇත්තේ ඩොලර් මිලියන 56.21ක (74.94%) සංවර්ධන බැඳුම්කර පමණක් බව රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
ඒ අනුව වසර දෙකකට වැඩි සංවර්ධන බැඳුම්කර වෙන්දේසිය මගින් ශ්‍රී ලංකා මහා බැංකුව උපයා ගෙන ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 1.54 ක් බව ආර්ථික සහ මුල්‍ය විශේඥයෝ පෙන්වා දෙති.
දැන්වීම
ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණයෙන් 50%ක් පමණ දේශීය ණය වන අතර 1970 න් පසු රට මුහුණ දෙන විශාලත ආර්ථික අර්බුදයට ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙමින් සිටින බව ද රජිත් කීර්ති තෙන්නකෝන් මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.
