අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට United Youth අත ගසයි

සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට United Youth අත ගසයි

රටේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා "United Youth" සංචාරක එකමුතුව පෙරට පැමිණ සිටින අතර එම වැඩ පිළිවෙළේ පළමු පියවර ලෙස හික්කඩුවේ සංචාරක ව්‍යාපාරයේ උන්නතිය සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක්…

රටේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා "United Youth" සංචාරක එකමුතුව පෙරට පැමිණ සිටින අතර එම වැඩ පිළිවෙළේ පළමු පියවර ලෙස හික්කඩුවේ සංචාරක ව්‍යාපාරයේ උන්නතිය සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් හික්කඩුව නිවානා හෝටලයේදී පැවැත්විණ. 

"United Youth" සංචාරක එකමුතුවේ අධ්‍යක්ෂක ජනරාල් නෙලක ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා "United Youth" සංවිධානයේ සභාපති සහ නිර්මාතෘ සුදත් චන්ද්‍රසේකර මහතා ප්‍රධාන එහි අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෝ ද එක්ව සිටියහ.

හික්කඩුව ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ නියුතු හොටෙල් හිමියන්, සංචාරක මග පෙන්වන්නන්, සංචාරක බෝට්ටු හිමියන්, සංචාරක කිමිදුම්කරුවන සහ කුඩා වෙළඳ සැල් හිමියන් නියෝජනය කරමින් නියෝජිත පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

දැන්වීම

එහිදී  සාකච්ඡාවට යොමු කළ කරුණු අදාළ බලධාරීන් වෙත යොමු කිරීමට වහාම කටයුතු කරන බව "United Youth" සංචාරක එකමුතුවේ අධ්‍යක්ෂ ජනරාල් නෙලක ගුණරත්න මහතා අදාළ නියෝජිතයින්ට එහිදී දැනුම් දුන්නේය.

ප්‍රධාන වශයෙන්ම නගරය පිරිසිදු තබා ගැනීම, නගරය මැදින් අධික වේගයෙන් ධාවන කරණ බස් රථ පාලනය කිරීමට විකල්ප මාර්ගයක් සකස් කිරීම, මුහුදු වෙරළ පිරිසුදු තබා ගැනීම, හික්කඩුව කොරල් පරයට නුදුරින් ඇති කුණු ඇළ මාර්ගය නිසා සිදු වන පරිසර හානිය, නීති විරෝධීව පවත්වා ගෙන යන සංචාරක හෝටල් සහ නවාතැන් පොලවල් පිළිබඳ සොයා බැලීම, සංචාරකයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ නීති විරෝධීව ව්‍යාපාරවල නියැලෙන සංචාරකයින් පිළිබඳව සොයා බැලීම ආදී කරුණු රාශියක් මෙහිදී සාකච්ඡා කෙරුණු අතර අදාළ බලධාරීන් දැනුවත් කිරීමෙන් පසුව මසකට වරක් ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වීමටද තීරණය කෙරිණ. 

එම සාකච්ඡාවට දුරකථනය ඔස්සේ සම්බන්ධ වු මහා ජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ලබා දුන් ක්ෂණික ප්‍රථිචාරය සියලු සාමාජිකයින්ගේ ප්‍රසාදය ලක් විය. 

සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට United Youth අත ගසයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට United Youth අත ගසයි | Lanka Newsweek