"සංඝ සමාජය අද මහින්දවාදී, රනිල්වාදී, චම්පිකවාදී, වීරවංශවාදී, අනුරකුමාරවාදී වෙලා"

(නායක බණ්ඩාර) සංඝ සමාජය අද මහින්දවාදී, රනිල්වාදී, චම්පිකවාදී, වීරවංශවාදී, අනුරකුමාරවාදී යනුවෙන් බෙදී වෙන්වී ඇති බවත්, එසේ බෙදී වෙන්වී සිට ජාතිය සමඟ කළ නොහැකි බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම්…
(නායක බණ්ඩාර)
සංඝ සමාජය අද මහින්දවාදී, රනිල්වාදී, චම්පිකවාදී, වීරවංශවාදී, අනුරකුමාරවාදී යනුවෙන් බෙදී වෙන්වී ඇති බවත්, එසේ බෙදී වෙන්වී සිට ජාතිය සමඟ කළ නොහැකි බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව පවසා සිටියේ මහනුවර බෝගම්බර පිටියේ “දැයම එක රොදකට” මැයෙන් ඊයේ (07) පැවැති මහා සමුළුව අමතමිනි. සමුළුව ජාතික සංවිධාන රැසක එකතුවෙන් සංවිධානය කර තිබිණි. රැස්ව සිටි මහා සංඝරත්නය අමතා උන්වහන්සේ විශේෂයෙන් පවසා සිටියේ ඉස්ලාමික වහබ්වාදී උම්මත්තක ආගමික අන්තවාදයක් පැමිණ ජාතිය අසරණ කොට හිරිවට්ටා ඇති අවස්ථාවක, සංඝ සාමග්‍රිය තුළින් එකෙකුට එකෙක් නැතිව වෙන් වී, දුර්වල වී, නන්නත්තාර වී, කුලල් කාගනිමින් සිටින සිංහල ජාතිය, අභියෝගවලට අභියෝගයක් වී හෙට උපදින පරපුර වෙනුවෙන් එක අරමුණකට පෙළගස්සවා ගැනීමට අවශ්‍ය බවයි.
සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වූ ඤාණසාර හිමි පවසා සිටියේ ඒ උතුම් අදහස ක්‍රියාත්මක කරගැනීමට යන ගමනේ දී ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගෙන් ලද ආශිර්වාදය මහඟු ලෙස උපකාරී වූ බවයි. ත්‍රෛනිකායක මහා නායක හිමිවරුන් ප්‍රමුඛ හය දහසකට අධික ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහභාගී වී සිටි මෙම සමුළුවට විවිධ ආගම් හා ජාතිකත්ව නියෝජනය කරමින් අති විශාල ජනකායක් සහභාගීව සිටි අතර, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තෝ ද සහභාවී වී සිටීම විශේෂත්වයකි.
දැන්වීම
මෙහි දී අස්ගිරි නාහිමියන්ගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් දලෙයිලාමා අසතුට පලකිරීම පිළිබඳ සිහිපත් කරමින් ඤාණසාර හිමියෝ පවසා සිටියේ අපගේ සංඝ සමාජයේ ප්‍රශ්න අප විසින්ම විසඳාගනු ලබනවා හැර පිටස්තරයන්ගේ මැදිහත්වීමක් ඊට අවශ්‍ය නොවන බවයි. ඉදිරියේ දී රට තුළ සිංහල රාජ්‍යයක් බිහි කරනා බවට සමුළුවේ ප්‍රතිඥා දුන් ඤාණසාර හිමියෝ පෙන්වා දුන්නේ රට පුරා පන්සල් දසදහසක් ඇති බැවින් පන්සල්වලින් හත්දහසක් එක අරමුණකට පෙළගස්වා එක් පන්සලකින් ඡන්ද 1000 බැගින් සැකසුවහොත් ඡන්ද ලක්ෂ 70ක් ඉතා පහසුවෙන් සැකසීමට හැකි බවයි.
එම නිසා එලෙසින් කටයුතු කර ඉදිරියේදී තනි සිංහල ආණ්ඩුවක් නිර්මාණය කරන බව උන්වහන්සේ අවධාරණය කළහ. එයින් පසුව රට සංවර්ධනය කිරීමේ නිවැරැදි වැඩපිළිවෙල ක්‍රයාත්මක කළ හැකි බව උන්වහන්සේගේ මතයයි.