අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සංක්‍රමණික ජාවාරම මැඩලා දේශසීමා ආරක්ෂණයට විශේෂ යාන්ත්‍රණයක්

සංක්‍රමණික ජාවාරම මැඩලා දේශසීමා ආරක්ෂණයට විශේෂ යාන්ත්‍රණයක්

(සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකාවේ සංක්‍රමණික ජාවාරම මැඩළා දේශසීමා ආරක්ෂා කිරීම සඳහා විශේෂ යාන්ත්‍රණයක් සකස් කරමින් සිටින්නේ යැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය. අමාත්‍යවරයා ඒ…

(සුජිත් මංගල ද සිල්වා)

ශ්‍රී ලංකාවේ සංක්‍රමණික ජාවාරම මැඩළා දේශසීමා ආරක්ෂා කිරීම සඳහා විශේෂ යාන්ත්‍රණයක් සකස් කරමින් සිටින්නේ යැයි නීතිය හා සාමය පිළිබඳ  අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ කොළඹ, කිස්න්බරි හෝටලයේදී ඊයේ (14) පැවති සංක්‍රමණික ජාවාරම මැඬලීම පිලිබඳ වැඩමුළුව අමතමිනි. එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

දැන්වීම

ශ්‍රී ලංකාව තුල මේ වනවිට  සංක්‍රමණික ජාවාරම මැඬලීමට සහ දේශසීමා ආරක්ෂණය සඳහා නීති සැකසීම සිදුකරන අතරම විශේෂ යාන්ත්‍රණයක්ද සකසාගෙන යනවා. මේ සඳහා ශක්තිමත් නීති අවශ්‍ය වන අතර එසේ ශක්තිමත් නීති නොවන්නේ නම් සංක්‍රමණික ජාවාරම මැඬලීමටද අපහසු වනු ඇත.ඒ නිසා ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම් ආදී වැටලීම් දිගටම ව්‍යාප්ත කිරීමට කටයුතු කරනු ඇත. එහිදී දැනට පවතින නීති ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය තැන්වලදී නව නීති හඳුන්වාදීමටත් අප රජය කටයුතු කරනවා.

ඕස්ට්‍රේලියාවේ උපායමාර්ගික ප්‍රතිපත්ති ආයතනය දැනට ශ්‍රී ලංකාවේ සංක්‍රමණික ජාවාරම පිලිබඳ පර්යේෂණ සිදුකර ඇති අතර ඒ යටතේ කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.ඒ  යටතේ බටහිර සහ වයඹ වෙරළ තීරයේත් දකුණු වෙරළ තීරයේත් මෙම ජාවාරම ක්‍රියාත්මකවන ආකාරය පිළිබඳ තොරතුරු අප සතුව තිබෙනවා. ඒ අනුව එම ජාවාරම්කරුවන් සහ ඔවුන් වටා ක්‍රියාත්මක වන තවත් දූෂිත ක්‍රියා රැසක්ද අනාවරණය වී තිබෙනවා. උදාහරණ ලෙස විදෙස් ගමන් බලපත්‍ර හොරෙන් සැකසීම, අදාළ අංශවල නිලධාරීන්ට අල්ලස් ලබාදීම ආදිය හඳුන්වන්න පුළුවන්. මේ සියල්ල වැලක්වීමට පුළුල් ක්‍රමවේදයක් සැකසිය යුතු වෙනවා.

එසේම ඔස්ට්‍රේලියාව සමඟ මෑතකදී මේ පිලිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් කරනු ලැබූ අතර ඒ අනුව එම රජය සමඟ මේ සම්බන්ධ මනා අවබෝධයෙන්    යුක්තව කටයුතු කිරීමට අප රජය ක්‍රියා කරනවා. එමගින් සංක්‍රමණික ජාවාරම් කරුවන්ට හසුවූවන් නැවත මෙරටට ගෙන්වාගැනීමට කටයුතු කරන අතර ජාවාරම්කරුවන්ගේ යාන්ත්‍රනය බිඳදැමීමට අවශ්‍ය තොරතුරු දෙරට අතර හුවමාරු කරගැනීමටද හැකියාව ලැබෙනවා.මෙම සංක්‍රමණික ජාවාරම තනි තනිව සිදුවන අපරාධයකට වඩා අන්තර්ජාතික වශයෙන් සිදුවන සංවිධානාත්මක අපරාධයක් බවට මෙය පත්ව තිබෙනවා. එනිසා අන්තර් ජාතික පොලීසිය වැනි ආයතනවල මන සම්බන්ධතාවය අපිට වඩාත් වැදගත් වෙනවා. යැයි අමාත්‍යවරයා කීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
සංක්‍රමණික ජාවාරම මැඩලා දේශසීමා ආරක්ෂණයට විශේෂ යාන්ත්‍රණයක් | Lanka Newsweek