අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ශ‍්‍රී ලාංකිකයන් හැට දෙලක්ෂයක් ආහාර අර්බුදයක

ශ‍්‍රී ලාංකිකයන් හැට දෙලක්ෂයක් ආහාර අර්බුදයක

ලක්ෂ 53ක් ආහාර වේල් මඟ හරිනවා ශ‍්‍රී ලාංකිකයන් හැට දෙලක්ෂයක් ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන අතර එම පිරිසෙන් ලක්ෂ 29ක් ක් දැයේ දූ දරුවන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ. මෙම…

ලක්ෂ 53ක් ආහාර වේල් මඟ හරිනවා 

ශ‍්‍රී ලාංකිකයන් හැට දෙලක්ෂයක් ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන අතර එම පිරිසෙන් ලක්ෂ 29ක් ක් දැයේ දූ දරුවන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

මෙම තත්ත්වය එළඹෙන 2023 වසරේ පෙබරවාරි මස වන විට තවත් උග‍්‍ර වනු ඇතැයි බලාපොරොත්තු වන අතර ඉදිරි මාසවලදී ළමා මන්දපෝෂණ තත්ත්වය තවත් දරුණු විය හැකි බව ද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පුරෝකථනය කර ඇත. 

එසේම දූ දරුවන් ලක්ෂ 11 කට අධ්‍යාපනය සඳහා සහාය අවශ්‍ය බවත් කාන්තාවන් සහ ළමුන් ලක්ෂ 28කට පෝෂ්‍යදායි ආහාර අවශ්‍ය බවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙන්වා දෙයි.

දැන්වීම

ශ‍්‍රී ලාංකිකයන් 66,000 ක් උග‍්‍ර ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන බව ද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිකුත් කර ඇති එම නවතම වාර්තාවේ දැක්වේ.

එසේම ශ‍්‍රී ලාංකිකයන් ලක්ෂ 53ක් ආහාර වේල් මග හරින බවත් ඉදිරියේදී මෙම සංඛ්‍යාව දේශගුණික විපර්යාස සහ දේශපාලන අර්බුද හේතුවෙන් තවත් වැඩි විය හැකි බවත් එම වාර්තාවේ සඳහන් වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න