අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ‍්‍රී ලංකාව ගොඩනැංවීමට දෙමළ ඩයස්පොරාව සුදානම්

ශ‍්‍රී ලංකාව ගොඩනැංවීමට දෙමළ ඩයස්පොරාව සුදානම්

ජාත්‍යන්තර දෙමළ සංවිධාන කිහිපයක තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය ගනු ලැබූ පියවර කෙරෙහි ප්‍රසාදය පළ කරන බව ගෝලීය ද්‍රවිඩ සංසදය සඳහන් කරයි. විශේෂ "Twiter" පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර සිටින එම…

ජාත්‍යන්තර දෙමළ සංවිධාන කිහිපයක තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය ගනු ලැබූ පියවර කෙරෙහි ප්‍රසාදය පළ කරන බව ගෝලීය ද්‍රවිඩ සංසදය සඳහන් කරයි.

විශේෂ "Twiter" පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර සිටින එම සංවිධානයේ සභාපති මහාචාර්ය එස්.ජේ. එමානුවෙල් පියතුමන් එම පණිවිඩය මගින් වැඩි දුරටත් කියා සිටින්නේ, ව්‍යාජ බිය සහ සැකය යන චෝදනා මත පදනම්ව පනවා තිබූ එම තහනම ඉවත් කිරීම සතුටින් පිළි ගන්නා බවයි.

ශ්‍රී ලංකාව ගොඩනැඟීම සඳහා සියලු ශ්‍රී ලාංකිකයන් එකට එක් විය යුතු බව අවධාරණය කර සිටින එස්.ජේ. එමානුවෙල් පියතුමන්  වැඩි දුරටත් කියා සිටින්නේ, වාර්ගික සහ ආගමික වෙනස්කම් පිළිබඳව ශ්‍රී ලාංකිකයන්ගේ ආකල්ප වෙනස් විය යුතු බවය.

දැන්වීම

මේ අතර ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරන්නේ, ශ්‍රී ලංකා රජය විසින් මෙම තහනම ඉවත් කිරීමේ පියවර ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන ආර්ථික අර්බුදයට දිර්ඝ කාලීන විසඳුම් සෙවීමේ අරමුණින් බවය.

දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් සමග එක්ව කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ආකර්ෂණය කර ගැනීමට සහ රටේ විදේශ සංචිත ඉහළ නංවා ගැනීමට හැකි වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස වී ඇතැයි ද එම ජනමාධ්‍ය වාර්තාවන්හි සඳහන් වෙයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ශ‍්‍රී ලංකාව ගොඩනැංවීමට දෙමළ ඩයස්පොරාව සුදානම් | Lanka Newsweek