අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශානිගේ තීන්දුවෙන් පසු පොලීසිය පිරිසිදු කිරීම පොලිස් කොමිසමේ වගකීමක්

ශානිගේ තීන්දුවෙන් පසු පොලීසිය පිරිසිදු කිරීම පොලිස් කොමිසමේ වගකීමක්

“ශානි” නඩු තීන්දුවෙන් පසු පොලිස් සේවය පිරිසිදු කිරීම නව පොලිස් කොමිසමේ වගකීමය යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් සුනිල් ජයසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම…

“ශානි” නඩු තීන්දුවෙන් පසු පොලිස් සේවය පිරිසිදු කිරීම නව පොලිස් කොමිසමේ වගකීමය යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් සුනිල් ජයසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

පූර්ණ වශයෙන් දේශපාලනීකරණයකට ලක් වූ රාජ්‍ය පාලනයක් තුළ දැඩි අසාධාරණයට ලක් වූ දක්ෂ, නිර්භීත, අවංක, ස්වාධීන පොලිස් නිලධාරින් වූ ශානි අබේසේකර ඇතුළු නිලධාරින් සිව්දෙනා සියළු චෝදනා වලින් නිදහස් කිරීම ගැන ගරු අධිකරණයට අපගේ ප්‍රණාමය පුද කරමු. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මුල සිට ම මේ ගැන විශාල හඬක් නැගීය.

මෙම නිලධාරින් ට ලැබිය යුතු වේතනය උසස්වීම හා අවුරුදු ගණනක් තිස්සේ ගත කළ මානසික පීඩනය කොතරම් නින්දිතදැයි යන්න ශීලාචාර සමාජය වටහාගත යුතුය. මෙවැනි සිද්ධින් නැවත ඇති නොවිය යුතුය.

දැන්වීම

මනුශ්‍යත්වයේ නාමයෙන් ශානි අබේසේකර ඇතුළු එම නිලධාරීන්ට ඇති වූ අසාධාරණය නිවැරදි කිරීමටත්, ලැබිය යුතු වේතන හා උසස්වීම් වහා ලබා දීමටත්, නව පොලිස් කොමිසම ක්‍රියා කරනු ඇතැයි බලවත් ලෙස අපි විශ්වාස කරමු.

එමෙන්ම පොලිසිය තුළම අවංක පොලිස් නිලධාරීන් වංචනික ලෙස අසත්‍ය චෝදනා ගොනු කිරීමට හැකි සමහර දේශපාලන නායකයින් සතුටු කරන නිලධාරීන් ඇත්නම්, ඒ ගැන අවධානය යොමු කර පොලිස් සේවය පිරිසිදු කර මහජන ගෞරවය නැවතත් උපයාගැනීමට ස්වාධීන පොලිස් කොමිසමේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට අප ආයාචනය කර සිටිමු..! 
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ශානිගේ තීන්දුවෙන් පසු පොලීසිය පිරිසිදු කිරීම පොලිස් කොමිසමේ වගකීමක් | Lanka Newsweek