අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශාන් විජේලාල් ද සිල්වා සජබයට එක් වෙයි

ශාන් විජේලාල් ද සිල්වා සජබයට එක් වෙයි

විපක්ෂ නායක නව වසරේ වැඩ අරඹයි-දකුණම සජබයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වූ ෂාන් විජයලාල් ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වී සඳුදා ( 01 ) සමගි ජන බලවේගයට එක් විය.…

විපක්ෂ නායක නව වසරේ වැඩ අරඹයි-දකුණම සජබයට 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වූ ෂාන් විජයලාල් ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වී සඳුදා ( 01 )  සමගි ජන බලවේගයට එක් විය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්බලන්ගොඩ ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ෂාන් විජයලාල් ද සිල්වා මහතා දකුණු පළාත් ප්‍රධාන ඇමතිවරයා ලෙස තෙවරක්, එනම් අඛණ්ඩව වසර පහළොවක් කටයුතු කර ඇත.

අනතුරුව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරය දැරෑ ශාන් විජේලාල් ද සිල්වා මහතා 2024 නව වර්ෂයේ පළමු වැනිදා උදෑසන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජනබලවේගයට නිල වශයෙන් එක් විය. 

අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ෂාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගයේ අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් කරනු ලැබීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ශාන් විජේලාල් ද සිල්වා සජබයට එක් වෙයි | Lanka Newsweek