අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශාන් විජේලාල්ගේ ගොලයකුගෙන් රාජ්‍ය සේවිකාවකට මරණීය තර්ජන

ශාන් විජේලාල්ගේ ගොලයකුගෙන් රාජ්‍ය සේවිකාවකට මරණීය තර්ජන

(සුමුදු පෙරේරා) රාජකාරී වේලාවේදී මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල යෙදීම සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී අම්බලන්ගොඩ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්‍ෂවරියට බැණ වැදී මරණ තර්ජන එල්ල කරන ලදැයි කියන එහි සේවකයෙකු…

(සුමුදු පෙරේරා)

රාජකාරී වේලාවේදී මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල යෙදීම සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී අම්බලන්ගොඩ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්‍ෂවරියට බැණ වැදී මරණ තර්ජන එල්ල කරන ලදැයි කියන එහි සේවකයෙකු සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ ආරම්භ කර තිබෙන බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

ප‍්‍රධාන දේශපාලන පක්ෂයක අපේක්ෂකයකුගේ ඡන්ද ප‍්‍රචාරක කටයුතුවල සිකුරාදා (12) නිරත වී ඇති මෙම සේවකයා, එසේ කිරීම වරදක් වන්නේ කෙසේ දැයි විමසමින් කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරියට බැණ වැදී තිබෙන බවද අම්බලන්ගොඩ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

දැන්වීම

අම්බලන්ගොඩ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්‍ෂිකාවට එසේ බැණ මරණ තර්ජන එල්ල කර ඇත්තේ එම කාර්යාලයේ සේවය කරන රියදුරකු බවත් ඔහු දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතාගේ  ළගම හිතවතකු බවත් දැනගන්නට තිබේ.

එම නිසා රාජකාරි මට්ටමින් හෝ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට යම් යම් බාධා ඇති වී තිබෙන බව පවසන කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේ සේවක සේවිකාවෝ ඒ නිසාම තමන් දැඩි කලකිරීමෙන් යුතුව කටයුතු කරන බවද කියති.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෝට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේ සේවක සේවිකාවන් ප‍්‍රකාශ කරන්නේ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්‍ෂවරිය, දේශපාලන ප‍්‍රචාරක කටයුතුවලට සම්බන්ධ විමක් ගැන විමසූ අවස්ථාවේදී කාර්යාලයේ රියදුරකු එම නිලධාරිනියට බැණ වැදීම බලවත් අසාධාරණ්‍යක් බවයි.

පුරා දින ගණනාවක් මුළුල්ලේ සිය හිතවතාගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල යේදී සිටින මේ සේවකයා අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ සහ  කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේ සේවක සේවිකාවන්  වගේම  ඇතැම් පාසල්වල පුස්තකාල සහායකයින, විද්‍යාගාර සහායකයින් සහ සනීපාරක්ෂක කම්කරුවන්ද  පළාත් පාලන මැතිවරණයේ ගෙන් ගෙට යාමේ දේශපාලන ප‍්‍රචාරක කටයුතුවලට සම්බන්ධකර ගැනීමටද කටයුතු කරමින් සිටියි.

දේශපාලඥයින්ගේ පෙළඹවීම මත සිදු කරන මෙවැනි ක‍්‍රියා වැළැක්වීම කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරුන්ට සහ  දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ගැටලූවක් වී ඇත්තේ පළාතේ ප‍්‍රධාන දේශපාලඥයින්ගේ අතපෙවීම් නිසා බවද එම කාර්යාලයන්හි සේවක සේවිකාවෝ මෙන්ම ගුරු මව්පියෝ ප‍්‍රකාශ කරති.

මේ සිද්ධියට අදාළව අම්බලන්ගොඩ පොලිසියට ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර තිබෙන බවත් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන  බවත් අම්බලන්ගොඩ පොලිසිය කියයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ශාන් විජේලාල්ගේ ගොලයකුගෙන් රාජ්‍ය සේවිකාවකට මරණීය තර්ජන | Lanka Newsweek