අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශාන්තිනී කෝන්ගහගේට කැපිල්ලක්..!

ශාන්තිනී කෝන්ගහගේට කැපිල්ලක්..!

එජාපයේ තවත් දේශපාලන චරිතයක් කුණු බක්කියට..? රංගේ බණ්ඩාරගේ අවශ්‍යතාවය මත රනිල් ශාන්තිනීට කොකා පෙන්වයි රනිල් රැක්කට ශාන්තිනීට හොඳ වැඩේ..! එකසත් ජාතික පක්ෂයට අනුබද්ධිත එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනී…

එජාපයේ තවත් දේශපාලන චරිතයක් කුණු බක්කියට..?

රංගේ බණ්ඩාරගේ අවශ්‍යතාවය මත රනිල් ශාන්තිනීට කොකා පෙන්වයි 

රනිල් රැක්කට ශාන්තිනීට හොඳ වැඩේ..!

ශාන්තිනී කෝන්ගහගේට කැපිල්ලක්..!

එකසත් ජාතික පක්ෂයට අනුබද්ධිත එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනී ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය එම ධූරයෙන් පළවා හැරීම සඳහා එම පක්ෂ අභ්‍යන්තරයේ කුමත්‍රණයක් ක්‍රියාත්මක වන බව ජාතික යොවුන් පෙරමුණේ තරුණ තරුණියන් පිරිසක් "lankanewsweek" සමග පැවසූහ.

එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ අවශ්‍යතාවය පරිදි එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල උත්සහ කරමින් සිටින්නේ එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධූරය සඳහා එරන්දි රංගේ බණ්ඩාර මහත්මිය පත් කර ගැනීමට වන අතර ඇය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ දියණිය වන බව ද ඔවුහූ පෙන්වා දුන්හ.

දැන්වීම

ශාන්තිනී කෝන්ගහගේ යනු එක්සත් ජාතික පක්ෂය දේශපාලන වශයෙන් අර්බුදවලට මුහුණ දුන් සෑම අවස්ථාවකදීම පක්ෂය සහ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී සිටිමින් දර දිය ඇද්ද කාන්තාවක් බව පෙන්වා දෙන එම තරුණ තරුණියෝ මේ ආකාරයට දේශපාලන වශයෙන් ජවසම්පන්න සහ පෙරටුගාමී චරිත විනාශ කරන තත්ත්වය හමුවේ එක්සත් ජාතික පක්ෂයට දේශපාලන අනාගතයක් නම් නොමැති බව ද අවධාරණය කර සිටියහ.    

ශාන්තිනී කෝන්ගහගේට කැපිල්ලක්..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ශාන්තිනී කෝන්ගහගේට කැපිල්ලක්..! | Lanka Newsweek