අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ්‍රේෂ්ඨාධිකරණය ගැන ජනපති කළ කතාවට විපක්ෂ නායකගේ විරෝධය

ශ්‍රේෂ්ඨාධිකරණය ගැන ජනපති කළ කතාවට විපක්ෂ නායකගේ විරෝධය

Judicial Cannibalism කියමින් කළ කතාව භයානකයි-බරපතළයි ඊට විරෝධය පළ කරනවා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව ස්ථාපිත කිරීම ගැටලුවක් නොවූවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර සංවරණ සහ තුලන ක්‍රමවේදය…

Judicial Cannibalism කියමින් කළ කතාව භයානකයි-බරපතළයි 

ඊට විරෝධය පළ කරනවා 

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව ස්ථාපිත කිරීම ගැටලුවක් නොවූවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර සංවරණ සහ තුලන ක්‍රමවේදය විධායකය විසින් අභියෝගයට ලක් කර අධිකරණය ලබා දෙන තීන්දු තීරණ තේරීම් කාරක සභාවකට ලක් කිරීම භයානක තත්ත්වයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව ප්‍රතිපාදනවලට සහයෝගය ලබා දුන්නත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නිගමනය අභියෝගයට ලක් කළ නොහැකි බවත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය මත ඇති කුළුණු තුනට ආවේණික බලතල සහ ඒ ඒ කුළුණු අනෙකුත් කුළුණු අතර සංවරණ සහ තුලනවලට ලක් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක සිදු වන බවත් එවැනි තත්ත්වයක් මත judicial cannibalism ලෙස ජනාධිපතිවරයා  සිදු කළ ප්‍රකාශය බරපතළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනතේ ප්‍රතිපාදන ගැන තමා කතා නොකරන බවත් අධිකරණමය ඝාතනමය ක්‍රියාදාමයක් (judicial cannibalism) ලෙස ජනාධිපතිවරයා මේ ක්‍රියාදාමය හැඳින්වීම සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බවත් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කළ Judicial Cannibalism වචනය තරයේ හෙළා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් අවධාරණය කළේය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න