අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ අවශ්‍යතාවක් නොමැති බව ජනපති ලේකම් මැතිවරණ කොමිසමට ලියයි

ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ අවශ්‍යතාවක් නොමැති බව ජනපති ලේකම් මැතිවරණ කොමිසමට ලියයි

පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ ප‍්‍රශ්නයක් ඇති නොවන බව ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද…

පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ ප‍්‍රශ්නයක් ඇති නොවන බව ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතාට ලිපියක් යවමින් මේ බව දැනුම් දී ඇත.

එම ලිපියේ තව දුරටත් මෙසේ ද සඳහන් වේ. 

මහ මැතිවරණය මැයි මස 28 වැනිදා හෝ ඊට පෙර පැවැත්වීමට නොහැකි බව  ප‍්‍රකාශ කිරීම මේ අවස්ථාවේ කළ නොහැකි අතර  ඡන්ද විමසීමේ දිනය නියම කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක් බැවින් මැතිවරණ කොමිසමේ කටයුතුවලට මැදිහත්වීමට ජනාධිපතිවරයා අදහස් නොකරයි.

දැන්වීම

ජනාධිපති ලේකම් පී.බී . ජයසුන්දර මහතා විසින් ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම ලිපිය යවනු ලැබ ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින්  මාර්තු මස 31 වැනිදා සහ අපේ‍්‍රල් මස 1 වැනිදා එවන ලද ලිපිවලට පිළිතුරු වශයෙනි.

ජනාධිපති ලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට යවන ලද ලිපිය මෙසේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ අවශ්‍යතාවක් නොමැති බව ජනපති ලේකම් මැතිවරණ කොමිසමට ලියයි

ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ අවශ්‍යතාවක් නොමැති බව ජනපති ලේකම් මැතිවරණ කොමිසමට ලියයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ අවශ්‍යතාවක් නොමැති බව ජනපති ලේකම් මැතිවරණ කොමිසමට ලියයි | Lanka Newsweek