අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ්‍රේණි විභාගය අසමත් විදුහල්පතිවරුන් දකුණේ පාසල්වල වැඩ ආවරණයට යොදවලා..!

පාසැල් නිල ඇඳුම් වවුචරයේ වටිනාකම ඉහළට

ඇල්පිටිය කලාපයේ විදුහල්පති පුරප්පාඩු 35ක්..! (ජයකාන්ත ලියනගේ) ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ විදුහල්පති තනතුරු පුරප්පාඩු තිස් පහකට (35) කට වැඩි ප්‍රමාණයක් පවතින බව ඇල්පිටිය කළාප අධ්‍යාපන කාර්යාලයට සම්බන්ධ…

ඇල්පිටිය කලාපයේ විදුහල්පති පුරප්පාඩු 35ක්..!

(ජයකාන්ත ලියනගේ)

ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ විදුහල්පති තනතුරු පුරප්පාඩු තිස් පහකට (35) කට වැඩි ප්‍රමාණයක් පවතින බව ඇල්පිටිය කළාප අධ්‍යාපන කාර්යාලයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇල්පිටිය කළාප අධ්‍යාපන කාර්යාල බල ප්‍රදේශයට ඇල්පිටිය, නියාගම, කරන්දෙණිය, බෙන්තොට, වැලිවිටිය යන කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල  බලප්‍රදේශයන් පහ (05) අයත් වේ. ඇල්පිටිය කළාප අධ්‍යාපන කාර්යාල බල ප්‍රදේශයේ පිහිටි පාසල් 123 ක් අතරින් පාසැල් 35 ක මේ වන විටත් සිටින්නේ වැඩ ආවරණය කරන විදුහල්පතිවරුන්ය. ඇල්පිටිය කළාපයේ වැඩ ආවරණය කරන විදුහල්පතිවරුන් සිටින පාසැල් සංඛ්‍යාව තිස් පහකට (35) අධික බවත් එම පාසැල් වල විදුහල්පති පුරප්පාඩු තිබෙන බව සත්‍යයක් බවත් ඇල්පිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂක මනෝජ් පත්මලාල් මහතාද අප කල විමසීමකදී තහවුරු කළේය.

ඇල්පිටිය කළාප අධ්‍යාපන කාර්යාල බල ප්‍රදේශයේ පිහිටි අධ්‍යාපන කොට්ඨාශ 05 අතුරින් බෙන්තොට කොට්ඨාශයේ හැර සෙසු කොට්ඨාශ හතරේම වැඩ ආවරණය කරන විදුහල්පති වරුන් මේ වන විට තනතුරු හැර ගොස් තිබෙන බවද කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය. මේ වන විට එම පාසල් වල අධ්‍යාපන කටයුතු වලට හානියක් නොවන පරිද්දෙන් අධ්‍යාපන කටයුතු සිදුකරමින් සිටින බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේය.

ඇල්පිටිය කළාප අධ්‍යාපන බල ප්‍රදේශයට අයත් කරන්දෙණිය මහින්ද රාජපක්ෂ විද්‍යාලය, නවදගල මහ විද්‍යාලය, ඇත්කදුර සීවලි මහා විද්‍යාලය ඇතුළු විදුහල් 06 ක වැඩ ආවරණය කරන විදුහල්පතිවරුන්ට අධිකරණ නියෝගය මත ස්ථාන මාරුවීම් ලබා දී ඇතත් ඔවුන් මේ වන තෙක් සිය නව සේවා ස්ථාන වලට ගොස් නොමැති බවද දකුණු පළාත් ශ්‍රේණිධාරී විදුහල්පති සංගමය පවසයි. අවම වශයෙන් අධිකරණ නියෝගය ක්‍රියාත්මක කරවීමට පවා මේ වන තෙක් දකුණු පළාත් අධ්‍යාපන බලධාරීන්ට නොහැකි වී තිබෙන බවත් ඒ නිසාම පත්වීම් ලබාදී ඇති ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන්ට එම පාසැල්වලට පැමිණීමට නොහැකි වී තිබෙන බවද විදුහල්පති සංගමයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

දකුණු පළාත් විදුහල්පති සංගමය වැඩි දුරයත් පෙන්වා දෙන්නේ දැනට දකුණු පළාතේ වැඩ ආවරණය කරන විදුහල්පතිවරුන් ලෙස සේවය කරන අය, 2006 වසරේ සිට 2015 වසර අතරතුර කාලය තුලදී අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද විදුහල්පති ශ්‍රේණි විභාගයට 04 වතාවක්  පෙනී සිට ඉන් අසමත් වු පිරිසක් බවයි. වැඩ ආවරණය කරන විදුහල්පති ධුරයන් ලබා දීම බරපතල වරදක් බව මීට පෙර අවස්ථා කීපයකදීම අධ්‍යාපන බලධාරින්ට පෙන්වා දුන් බවද විදුහල්පති සංගමය ප්‍රකාශ කරයි.

ශ්‍රේණිධාරි විදුහල්පතිවරුන් සංඛ්‍යාත්මකව වැඩි පාසැල් ප්‍රමාණයක් තුල අධ්‍යාපන හා පරිපාලන කටයුතු සිදු කරමින් සිටියදී මුකරි කටවල් ඇති හා ප්‍රබල දේශපාලන හිතවත්කම් ඇති ගුරුවරුන් අතලොස්සක් මෙසේ පුරප්පාඩු පවතින පාසැල් කීපයක වැඩ ආවරණය කරන විදුහල්පතිවරුන් ලෙස පත්කර ඇති බවද දකුණු පලාත් ගුරු සංගම් එකතුව හා ලංකා ගුරු සංගමය පවසයි. මෙවන් නුසුදුස්සන් වැඩ ආවරණය කරන විදුහල්පතිවරුන් බවට පත්කර තිබෙන හා විදුහල්පති පුරප්පාඩු සහිත දකුණු පළාතේ පාසල් 300 කට අධික ප්‍රමාණයක් තිබෙන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලින් මහතා ප්‍රකාශ කළේය.

ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ ස්ථාන මාරුවීම් ලබා දි ඇති වැඩ ආවරණය කරන විදුහල්පතිවරුන් සිටින පාසල්වල මේ වන විටත් සුදුසුකම් ඇති ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් සිටින බවත් ඔවුන් විදුහල්පති තනතුරේ පිහිටුවිමට අධ්‍යාපන නිලධාරින් බලධාරීන් කටයුතු නොකිරිම නිසා මේ තත්ත්වය උදා වී තිබෙන බවත් ජෝෂප් ස්ටාලීන් මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ශ්‍රේණි විභාගය අසමත් විදුහල්පතිවරුන් දකුණේ පාසල්වල වැඩ ආවරණයට යොදවලා..! | Lanka Newsweek