අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ්‍රී ලාංකේය ජාතියේ ඉහළම සම්මානයෙන් කරූ පිදුම් ලබයි

ශ්‍රී ලාංකේය ජාතියේ ඉහළම සම්මානයෙන් කරූ පිදුම් ලබයි

"ශ්‍රී ලංකාභිමාන්‍ය" සම්මානය මෙවර කරූට දෙන්න කැබිනට් අනුමැතිය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජන රජයේ ජාතිය වෙනුවෙන් අති විශාල විශිෂ්ට සේවාවක් ඉටු කළ ශ්‍රී ලාංකික පුරවැසියන්ට සහ ශ්‍රී ලාංකික නොවන…

"ශ්‍රී ලංකාභිමාන්‍ය" සම්මානය මෙවර කරූට දෙන්න කැබිනට් අනුමැතිය  

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජන රජයේ ජාතිය වෙනුවෙන් අති විශාල විශිෂ්ට සේවාවක් ඉටු කළ ශ්‍රී ලාංකික පුරවැසියන්ට සහ ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින්ට සිය ජීවිත කාලයේ දී එක් වරක් පමණක් හිමි වන "ශ්‍රී ලංකාභිමාන්‍ය" ගෞරව සම්මානය  සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතාට පිරීනැමීමට කැබිනට් ඇනුමැතිය හිමිව ඇත.

එම සම්මානය මෙසේ දේශබන්දු කරු ජයසූරිය මහතා වෙත පිරිනැමෙන්නේ ජාතික නිදහස් දිනය නිමිත්තෙන් වන අතර "ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය" යනු මෙරටදී පිරිනෑමෙන ඉහළම සම්මානය වේ.

කරු ජයසූරිය මහතා විසින් සිදු කරන ලද සේවය ඇගයීම පිණිස එතුමා වෙත මෙම සම්මානය පිරිනැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යොජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙන අතර එම සම්මානය 2023 පෙබරවාරි 03 වැනිදා ඔහු වෙත පිරිනැමීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජන රජයේ ජාතිය වෙනුවෙන් අති විශාල විශිෂ්ට සේවාවක් ඉටු කළ ශ්‍රී ලාංකික පුරවැසියන්ට සහ ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින්ට සිය ජීවිත කාලයේ එක් වරක් පමණක් හිමි වන මෙම ජාතික සම්මානය පිරිනැමීම 1986 වර්ෂයේ සිටම සිදු කර ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ශ්‍රී ලාංකේය ජාතියේ ඉහළම සම්මානයෙන් කරූ පිදුම් ලබයි | Lanka Newsweek