ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙක් ත්‍රස්ත චෝදනාවලට ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

සිඩ්නි නගරයේ තෝරාගත් "වැදගත්" පුද්ගලයින් සහ ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා සැලසුම් කරන ලදැයි සැකකෙරෙන ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව The Sydney Morning Herald පුවත්පත වාර්තා කරයි.…
සිඩ්නි නගරයේ තෝරාගත් "වැදගත්" පුද්ගලයින් සහ ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා සැලසුම් කරන ලදැයි සැකකෙරෙන ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව The Sydney Morning Herald පුවත්පත වාර්තා කරයි.
අයිඑස්අයිඑස් සංවිධානය ආදර්ශය ලෙස ගෙන තනිව ප්‍රහාර එල්ලකිරීම සඳහා සකස් කරන ලද සැලසුම බ්‍රහස්පතින්දා (30) වැලකී ගියේ ඔහු සමග සේවය කළ සගයෙකු පොලීසිය දැනුවත් කිරීම හේතුවෙනි.
විසිපස් හැවිරිදි මොහොමඩ් කමර් නිසාම්ඩින් නැමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ කාර්යාලයේදීය.
ඉදිරි මාස කීපය තුළ "ISIS අනුබද්ධ" ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ තොරතුරු ඇතුළත් වී ඇතැයි සැලකෙන සටහන් පොතක් ඔහුගේ සගයෙකුට හමුවීමෙන් පසු ඔහු ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර තිබෙන බව The Sydney Morning Herald පුවත්පත තවදුරටත් කියා සිටී.
සිඩ්නි නගරයේ අධ්‍යාපනයට අදාළව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය නිෂ්පාදනය කළ ප්‍රවර්ධන වීඩියෝවක් සඳහා ද මොහු 2016 වසරේ පෙනී සිට තිබේ.
සැකකරුගේ ප්‍රහාරවල ඉලක්කගත පුද්ගලයන් ලෙස හිටපු අගමැති මැල්කම් ටර්න්බුල්, හිටපු විදේශ ඇමති ජුලී බිශොප් සහ ඔවුන්ගේ ලිබරල් පක්ෂ සගයෙකු වන බ්‍රොන්වින් බිශොප් ද සිටි අතර සිඩ්නි ඔපෙරා රංග ශාලාව, පොලිස් සහ දුම්රිය ස්ථානවන ද වන බව පුවත්පත් වාර්තාවේ සඳහන්වේ.
පොලිසිය පසුගිය වසර කීපය පුරා මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවට මුදල් යැවීමට අමතරව ඉන් ඔබ්බට වෙනත් ගනුදෙනුවල යෙදී ඇත්දැයි යන්න පිළිබඳව ද පොලිසිය විමර්ශනය කරයි.
මෙම ශ්‍රී ලාංකික පශ්චාත් උපාධි අපේක්ෂකයා හඳුනන පුද්ගලයෝ මේ අත්අඩංගුවට ගැනීමත් සමග තැතිගැන්මකට ලක්ව සිටිති. නිසාම්ඩින් කුමක් කළාට මෙසේ චෝදනාවට ලක්ව සිටින්නේ ද යන්න විශ්වාස කළ නොහැකි බව ඔහුගේ මිතුරෝ සහ අසල්වාසීහු පවසති.
(BBC සිංහල සේවය)
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1