අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු විජිත වීරතුංග මහතාව ජනපති විසින් පත්කර තිබේ

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු විජිත වීරතුංග මහතාව ජනපති විසින් පත්කර තිබේ

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු විජිත වීරතුංග මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කර තිබේ. ඊට අදාල පත් වීමේ ලිපිය කාර්මික අධ්‍යාපන හා වෘත්තීය පුහුණු…

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු විජිත වීරතුංග මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කර තිබේ.

ඊට අදාල පත් වීමේ ලිපිය කාර්මික අධ්‍යාපන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා විසින් කොළඔ, නාරාහේන්පිට නිපුණතා පියසේදී අද (22) දින ඒ මහතා වෙත ප්‍රදානය කළේය.

එයින් පසුව ඒ මහතා අද (22) දිනයේම කොළඹ, නාරාහේන්පිට නිපුණතා පියසේ සිව්වන මහලේ පිහිටි ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී රාජකාරී ආරම්භ කළේය.

දැන්වීම

1995 අගෝස්තු 16 දින, අංක 12 දරණ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය පනත මගින් ස්ථාපිත කරන ලද ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මේ වන විට ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 09 කින්, දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 22 කින් සහ ප්‍රාදේශීය වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන 200 කට අධික ප්‍රමාණයකින් සමන්විතය.

ජාතික වෘත්තීය සුදුසුකම් 03 මට්ටමේ සිට 05 මට්ටම දක්වා පුහුණු පාඨමාලා 1000 කට අධික සංඛ්‍යාවක් පවත්වනු ලබන මෙම ආයතනයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩලය 2000 කට ආසන්නය. සමාන්‍යයෙන් මාස 06 ක එක් කාර්තුවක් සදහා පූර්ණ කාලීනව 30000 කට ආසන්න ආධුනිකයින් සංඛ්‍යාවක් සහ අර්ධ කාලීනව තවත් 20000 කට ආසන්න ආධුනිකයින් පිරිසක් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ පුහුණුව ලබයි. අවුරුදු 1 ½ , අවුරුදු 01, මාස 06 සහ මාස 04 වශයෙන් පූර්ණ කාලීන පුහුණු පාඨමාලා වෘත්තීය පුහුණු අධිකාරිය තුල පැවැත්වේ.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත්කරන ලද ඉංජිනේරු විජිත වීරතුංග මහතාට හිමි පත් වීමේ ලිපිය කාර්මික අධ්‍යාපන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා විසින් පිරිනමන ලද අයුරු ඉහත ඡායාරූපයේ දැක්වේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් (විශ්‍රාමික) ප්‍රියන්ත වීරසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු විජිත වීරතුංග මහතාව ජනපති විසින් පත්කර තිබේ

(ජයකාන්ත ලියනගේ)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු විජිත වීරතුංග මහතාව ජනපති විසින් පත්කර තිබේ | Lanka Newsweek