අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා 2 වන ටෙස්ට් තරගය අද ඇරඹේ..!

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා 2 වන ටෙස්ට් තරගය අද ඇරඹේ..!

(නිලන්ති චන්ද්‍රසේන) තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (20) ආරම්භ වේ. මෙම තරඟය පැවැත්වෙන්නේ කොළඹ එස්.එස්.සී.…

(නිලන්ති චන්ද්‍රසේන)

තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (20) ආරම්භ වේ.

මෙම තරඟය පැවැත්වෙන්නේ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී.

ඊයේ (19) පවතී මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පැවසුවේ දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්‍රහණය කිරීම සඳහා දකුණු අප්‍රිකාවට එරෙහිව ලද පළමු ටෙස්ට් ජයග්‍රහණය මනා පිටිවහලක් වන බවයි.

මෙම තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 278කින් ජය ගත්තේය.

මෙයට  ප්‍රථම ශ්‍රී ලංකාව අවසන් වරට දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරඟයක් ජයගනු ලැබුවේ 2006 වසරේදී ය. එනම් මිට අවුරුදු 12 පෙරය.

දෙරට අතර 2014 වසරේදී පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී දකුණු අප්‍රිකාව ජයගත් අතර පසුගිය 2016 /2017  වසරවලදී පැවති ටෙස්ට් තරගාවලියේදී ද ජයගනු ලැබුවේ  දකුණු අප්‍රිකා කණ්ඩායමය.

දෙරට අතර දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද  (20) උදෑසන 10.00ට ආරම්භ විය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා 2 වන ටෙස්ට් තරගය අද ඇරඹේ..! | Lanka Newsweek