අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති, උප සභාපතිගේ කාර්යාලයට දොරගුළු යොදා පැන ගිහින්..!

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති, උප සභාපතිගේ කාර්යාලයට දොරගුළු යොදා පැන ගිහින්..!

මහත්වරුන්ගේ ක්‍රීඩාව එක්ක තිලංග සුමතිපාල කරන අමන සෙල්ලම්..! “තිලංග-ජයන්ත-අර්ජුන” ගැටුම මහා පාරට..! (සමන්ත හෙවාබන්දුල) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මණ්ඩලයේ, තිලංග සුමතිපාල සහ ජයන්ත ධරමදාස යන…

මහත්වරුන්ගේ ක්‍රීඩාව එක්ක තිලංග සුමතිපාල කරන අමන සෙල්ලම්..!

“තිලංග-ජයන්ත-අර්ජුන” ගැටුම මහා පාරට..!

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති, උප සභාපතිගේ කාර්යාලයට දොරගුළු යොදා පැන ගිහින්..!

(සමන්ත හෙවාබන්දුල)

දැන්වීම

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මණ්ඩලයේ, තිලංග සුමතිපාල සහ ජයන්ත ධරමදාස යන දෙපාර්ශවය නියෝජනය කරන පාර්ශව අතර මේ වන විට උග්‍ර ගැටුම්කාරී තත්ත්වයක්   ඇතිවී තිබේ.

මේ ගැටුම එළිපිටම කරළියේ රඟ දක්වමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු පිරිස අද (28) උදෑසන එම ආයතනයේ උප සභාපති කේ මතිවාදන් මහතාගේ කාර්යාලයට දොරගුළු දමා යතුරු රැගෙන ගොස් ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උදැසන පැමිණි එහි උප සභාපති කේ මතිවාදන් මහතා මේ හේතුවෙන් සිය කාර්යාලයට ඇතුළුවීමට නොහැකිව දැඩි අසීරුතාවයකට පත්ව අනතුරුව එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

කේ මතිවාදන් මහතා,ජයන්ත ධරමදාස පාර්ශවය නියෝජනය කරන අතර එම පාර්ශවය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලයට තේරී පත් වූ එකම පුද්ගලයා වන්නේ ද ඔහුය.

මේ දෙපාර්ශවය අතර පවතින මේ ගැටුම්කාරී තත්ත්වය සහ නව පාලනාධිකාරියේ මෙවැනි බාල වැඩ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදරියට ගෙන යමින් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් “lankanewsweek” සමග පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති, උප සභාපතිගේ කාර්යාලයට දොරගුළු යොදා පැන ගිහින්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති, උප සභාපතිගේ කාර්යාලයට දොරගුළු යොදා පැන ගිහින්..! | Lanka Newsweek