ශ්‍රී ලංකා එක්දින වංශ කතාවේ පෙරගමන් කරු - රෝයි ඩයස්

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්දින (ODI) ලකුණු 1000 සීමාව පසුකල පළමු පිතිකරුවා රෝයි ඩයස් එක්දින ක්‍රිකට් ඉතිහාසය තුළදි ලකුණු 1000 සීමාව පසුකල 29 වන පිතිකරුවා රෝයි ඩයස් එක්දින ලකුණු 1000 සීමාව පසුකල…
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එක්දින (ODI) ලකුණු 1000 සීමාව පසුකල පළමු පිතිකරුවා රෝයි ඩයස්
එක්දින ක්‍රිකට් ඉතිහාසය තුළදි ලකුණු 1000 සීමාව පසුකල 29 වන පිතිකරුවා රෝයි ඩයස්
එක්දින ලකුණු 1000 සීමාව පසුකල අට වන ආසියානු පිතිකරුවා රෝයි ඩයස්
රෝයි ඩයස් එක්දින ලකුණු 1K සීමාව පසු කරන්නේ 1985 වර්ෂයේදි, එහිදි ඔහු
*)තරඟ 29 යි.
*)ඉනිම් 27 යි.
දැන්වීම
*)ලකුණු 1058 යි.
*)පිතිකරණ සාමාන්‍ය 44.08 යි.
*)ප්‍රහාරාත්මක වේගය 69.60 යි.
*)අර්ධ ශතක 08 යි.
*)ශතක 02 යි.
*)වැඩිම ලකුණු 121 යි.
රෝයි 1979 දි පළමු එක්දින තරඟය ක්‍රීඩ කරන්නේ ඊට වසර 6කට පස්සේ එනම් 1985 වෙනකොට ඔහු ක්‍රීඩා කර තිබුනේ තරඟ 29ක් පමණයි, මෙහෙම අඩු තරඟ ප්‍රමාණයක් ක්‍රීඩා කරල ක්‍රීඩකයෙකුට නිසි රිද්මයක ඉන්න බැ, ඒත් රෝයි ඩයස් 1985 වෙනකොට තිය ගත්ත මේ දත්ත අති විශිෂ්ටයි.
රෝයි ඩයස් ලකුණු 1K ලබා ගැනිමෙන් පසුව තරඟ 24 ක් ක්‍රීඩා කරල ලබාගෙන ලකුණු 500+ වැනි ප්‍රමාණයක්
වයස අවුරුදු 27දි පළමු එක්දින තරඟය ක්‍රීඩාකල ඩයස් ලකුණු 1000 ලබා ගන්න කොට වයස අවු 33යි, ඔහුගේ උච්චතම අවධියේදි තරඟ ලැබුන නන් මීට වඩා දෙයක් කරල, අන්තිම කාලේ ෆේල් උන හින්ද ඔහුගේ පිතිකරණ සාමාන්‍ය 33 දක්වා අඩු උනා, ඒ වයසත් එක්ක උන දෙයක්.
මෙහිදි ඔහු තවත් විශිෂ්‍ට වාර්තාවක් තියෙනව, ඒ අඩුම ඉනිම් සංඛ්‍යාවකින් එක්දින ලකුණු 1K වාර්තා කල ලාංකීය පිතිකරුවා බවට පත්වෙමින්
*)27 ඉනිම් - රෝයි ඩයස්
*)28 ඉනිම් - උපුල් තරංග
*)28 ඉනිම් - කුසල් මෙන්ඩිස්
*)28 ඉනිම් - චරිත් අසලංක
*)30 ඉනිම් - දිනේෂ් චන්දිමාල්
*)30 ඉනිම් - නිරෝෂන් දික්වැල්ල
රෝයිට පසුව ශ්‍රී ලංකා පිතිකරුවන් 39ක් එක්දින පිටියේ ලකුණු 1000+ සීමාව පසු කරල තියෙනව,නමුත් මේ දක්වාම 1985 වර්ෂයේදි රෝයි ඩයස් විසින් ගොඩනැඟු මේ වාර්තාව බිඳවැටී නැ.
2000 වර්ෂයට පෙර එක්දින පිටියේ අඩුම ඉනිම් ගණනකින් ලකුණු 1000+ සීමාව පසුකල ආසියානු පිතිකරුවන්
*)25 ඉනිම් - නව්ජෝත් සිං (1989)
*)26 ඉනිම් - සහීර් අබ්බාස් (1982)
*)27 ඉනිම් - රෝයි ඩයස් (1985)
*)27 ඉනිම් - යූසුෆ් යොහානා (1999)
*)28 ඉනිම් - බසිට් අලී (1994)
රෝයි ලකුණු 1000 ලබාගත් අවධියේ ආසියාවෙන්ම ඔහු දෙවෙනි උනේ සහීර් අබ්බාස්ට පමණයි.
රෝයි ඩයස් ක්‍රීඩා කරන කාලේ ලංකාවේ ටීම් එක,ඒ කාලය තුළ ක්‍රීඩා කරපු අනික් කණ්ඩායම් සමගින් සංසන්දනය කරල බැලුවම ගොඩක් පහළ මට්ටමක ඉදියේ එවැනි කාලයක ඔහු තබාගත් දත්ත අති විශිෂ්ටයි.
අරවින්ද, අර්ජුන, සංග, මහේල වගේ තරඟ වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කලානන් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ට පිතිකරුවකු විදියට රෝයි ඩයස් අනිවාර්යයෙන් නම් කරන්න තිබ්බ.