අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ්‍රී ලංකාව සාගතයක මුව විට

ශ්‍රී ලංකාව සාගතයක මුව විට

ජනතාවගෙන් ලක්ෂ 63ක් උග්‍ර ආහාර අර්බුදයක ආහාර නිෂ්පාදනය සියයට පනහකින් පහත වැටිලා ලෝක ආහාර වැඩ පිළිවෙළ අනතුරු අඟවයි දුර්වල කෘෂිකාර්මික නිෂ්පාදනය, බඩු මිල ඉහළ යාම සහ පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී…

ජනතාවගෙන් ලක්ෂ 63ක් උග්‍ර ආහාර අර්බුදයක 

ආහාර නිෂ්පාදනය සියයට පනහකින් පහත වැටිලා

ලෝක ආහාර වැඩ පිළිවෙළ අනතුරු අඟවයි 

දුර්වල කෘෂිකාර්මික නිෂ්පාදනය, බඩු මිල ඉහළ යාම සහ පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවය උග්‍ර විය හැකි බවට එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සේම ලෝක ආහාර වැඩ පිළිවෙළ අනතුරු අඟවා සිටියි.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සේම ආහාර වැඩ පිළිවෙළ, නව වාර්තාවක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ මිලියන 6.3 ක ජනතාවක් මධ්‍යස්ථ මට්ටමේ සිට උග්‍ර මට්ටමේ ආහාර අනාරක්ෂිතභාවයකට මුහුණ දෙන බැවින් ප්‍රමාණවත් ජීවිතාරක්ෂක සහ ජීවනෝපාය ආධාර ලබා නොදුන හොත් ඔවුන්ගේ තත්ත්වය වඩාත් බැරෑරුම් විය හැකි බවය.

ශ්‍රී ලංකාව පිළිබඳ ඒකාබද්ධ ආහාර භෝග සහ සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරු මෙහෙයුම් වාර්තාව ඉදිරිපත් කරමින්, ශ්‍රී ලංකාවේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා කියා සිටින්නේ, ජන ගහනයෙන් 30% කට ආසන්න ප්‍රමාණයක් දැනටමත් ආහාර අනාරක්ෂිතතාවයට පත්ව සිටින බැවින් හදිසි ආධාර ප්‍රමාද වුව හොත් ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාවය තව දුරටත් උග්‍ර විය හැකි බවය.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සේම ලෝක ආහාර වැඩ පිළිවෙළ එකට ඒකාබද්ධව සිදු කරනු ලැබූ  ආහාර භෝග සහ සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරු මෙහෙයුම් (CFSAM) වාර්තාවට අනුව, ආසන්න වාර දෙකක් බෝග අස්වැන්න අසාර්ථක වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනය 50%ක් පමණ පහත වැටී ඇති අතර විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ආහාර සහ ධාන්‍ය ආනයනය ද අඩුව ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ශ්‍රී ලංකාව සාගතයක මුව විට | Lanka Newsweek