අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ්‍රී ලංකාව සම්බන්ධ බ්‍රිතාන්‍ය සංචාරක උපදේශනය යාවත්කාලීන කෙරේ

ශ්‍රී ලංකාව සම්බන්ධ බ්‍රිතාන්‍ය සංචාරක උපදේශනය යාවත්කාලීන කෙරේ

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ලොකු හයියක් රෝහිත බෝගොල්ලාගමගේ වැඩක් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය නිසා බ්‍රිතාන්‍ය ගත් තීරණයක් සිය පුරවැසියන්ට අදාළව නිකුත් කර තිබූ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන සංචාරක…

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ලොකු හයියක් 

රෝහිත බෝගොල්ලාගමගේ වැඩක් 

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය නිසා බ්‍රිතාන්‍ය ගත් තීරණයක් 

සිය පුරවැසියන්ට අදාළව නිකුත් කර තිබූ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන සංචාරක උපදේශනය (Travel Advisory) 2024 අප්‍රේල් මස 05 වැනි දින සිට යාවත්කාලීන කිරීමට එක්සත් රාජධානිය කටයුතු කර ඇති අතර එක්සත් රාජධානිය එසේ කර ඇත්තේ, ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති වත්මන් ආර්ථික ප්‍රගතිය මතය.  

හදිසි වෛද්‍ය සේවාවන් ලබා ගැනීම, රටට ඇතුළු වීමේ දී ආරක්ෂාව සම්බන්ධයෙන් පැවතිය යුතු අවශ්‍යතා, මාර්ගවල ගමන් කිරීමේදී පවතින ආරක්ෂාව, රට අභ්‍යන්තරයේ පවතින ආරක්ෂක තත්ත්වය සහ සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම ආදී අංශයන්හි පෙර පැවති තොරතුරු යාවත්කාලීන කිරීම මෙමගින් සිදු කර ඇත.

ඒ අනුව ආහාර, ඉන්ධන සහ ඖෂධ හිඟය ද, වෛද්‍ය උපකරණ හිඟය වැනි සෞඛ්‍ය සේවාවල සීමාවන් ද සම්බන්ධයෙන් මීට පෙර පැවති උපදේශන මාලාවේ අඩංගු කර තිබූ කරුණු යාවත්කාලීන කෙරුණු මෙම නව සංචාරක උපදේශනයෙන් ඉවත් කර ඇත. 

දැන්වීම

රටක් ලෙස ශ්‍රී ලංකාව වර්තමානයේ අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සංචාරකයින් අතර පැහැදිලි අවබෝධයක් ඇති කිරීම සඳහා පෙර සංචාරක උපදේශනය මඟින් දක්වා ඇති මෙම අහිත කර තොරතුරු ඉවත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතා සහ එම කාර්යාලය විසින් බ්‍රිතාන්‍ය බලධාරීන් වෙත විටින් විට කරුණු ඉදිරිපත් කරනු ලැබීය.

2024 ජනවාරි 01 සිට මාර්තු 27 දක්වා කාලය ඇතුළත දී එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයින් 53,928 ක් පැමිණ ඇති අතර එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණෙන තුන්වන විශාලතම රට වේ.

යාවත්කාලීන කෙරුණු මෙම සංචාරක උපදේශනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට තවත් දිරිගැන්වීමක් සපයනු ඇතැයි එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතා "lankanewsweek" සමග පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ශ්‍රී ලංකාව සම්බන්ධ බ්‍රිතාන්‍ය සංචාරක උපදේශනය යාවත්කාලීන කෙරේ | Lanka Newsweek