ශ්‍රී ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානයක් කරනවා -සජිත්-

සිය ඒකායන අරමුණ වන්නේ ශ්‍රී ලංකාව නූතන තාක්ෂණය ජය ගත් දැනුමින් සන්නද්ධ රටක් බවට පත් කිරීම යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණ කර සිටියි. අතිශය දරුණු ප්‍රශ්න හමුවේ ශ්‍රී ලංකාව මේ වන විට බරපතළ…
සිය ඒකායන අරමුණ වන්නේ ශ්‍රී ලංකාව නූතන තාක්ෂණය ජය ගත් දැනුමින් සන්නද්ධ රටක් බවට පත් කිරීම යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණ කර සිටියි.
අතිශය දරුණු ප්‍රශ්න හමුවේ ශ්‍රී ලංකාව මේ වන විට බරපතළ ඛේදවාචකයකට පත්ව ඇතැයි පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම ඛේදවාචකයකයෙන් රට ගොඩනැගීම විශාල අභියෝගයක් වන නමුත් ඒ වෙනුවෙන් සමගි ජන බලවේගයට තිරසාර වැඩ පිළිවෙළක් තිබෙන්නේ යැයි ද සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව අවධාරණය කර සිටියේ, "සක්වල" වැඩ සටහනේ 16 වැනි අදියර යටතේ කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලයට රුපියල් 846,000ක් වටිනා "සුහුරු" පංති කාමර උපකරණ ප්‍රදානය කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට සහභාගී වෙමිනි.
සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව මෙම "සක්වල" වැඩ සටහන ක්‍රියාත්මක වන්නේ, නූතන ලෝකයේ දීප්තිමත් ඩිජිටල් අනාගතයක් උදෙසා රටේ දූ දරු පරපුර තාක්ෂණික කුසලතාවයෙන්ද, සුහුරු පරිගණක කුසලතාවයෙන්ද, දැනුම පදනම් කර ගත් නවීන තාක්ෂණික සන්නද්ධ බවකින්ද සුපරිපූර්ණ කිරීම අරමුණු කොට ගෙනය.