ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයට එක්සත් ජාතීන් මැදිහත් වෙයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය රටට අහිමි වන අනතුරක්..? එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ශ්‍රී ලංකාවට..! (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය…
පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය රටට අහිමි වන අනතුරක්..?
එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ශ්‍රී ලංකාවට..!
(සුජිත් මංගල ද සිල්වා)
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වන විට ඍජුව මැදිහත් වී සිටියි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආසියානු පැසිෆික් කලාපීය කටයුතු භාර අධ්‍යක්ෂිකා "MARI YAMACHITA"මහත්මිය ඇතුළු එම සංවිධානයේ ඉහළම පෙළේ නිලධාරීන් සිව් දෙනෙකු කොළඹ ජනාධිපති කාර්යාලයේදී බ්‍රහස්පතින්දා (29) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී දැනුම් දී තිබෙන්නේ රටේ උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වහාම විසඳා ගැනීමට ක්‍රියා කරන්න යැයි දැනුම් දී තිබේ.
මේ අතර ශ්‍රී ලංකාවේ උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදය විසදීමට මැදිහත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් " ANTONIO GUTRRES" මහතා ඉදිරි සතිය ඇතුලත දී ශ්‍රී ලංකාවේ විශේෂ නිල සංචාරයක යෙදීමට ද නියමිතය.
මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ උද්ගත වී තිබෙන මේ දේශපාලන අර්බුදය සහ රට අරාජිකත්වයට පත්වීම ඇතුළු කරුණු කාරණා මත පදනම්ව පොදු රාජ්‍ය මණ්ඩලීය සාමජිකත්යව පවා ශ්‍රී ලංකාවට අහිමිවීමේ අවධානමක් පවතින බව එක්සත් ජාතික පෙරමුණ පෙන්වා දෙයි.
එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් අරලිය ගහ මන්දිරයේදී බ්‍රහස්පතින්දා (29) එම පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
