ශ්‍රී ලංකාවේ ණය ගැන ඉන්දියාවෙන් IMF එකට ලිපියක්

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා උපරිම සහාය ලබා දෙන බවත් ණය සහ මූල්‍ය සහන ලබා දෙමින් ණය තිරසරභාවය ශ්‍රී ලංකාවේ නැවත ඇති කිරීම සඳහා සහාය ලබා දීමට ඉන්දියාව කැපවී සිටින බවත්…
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා උපරිම සහාය ලබා දෙන බවත් ණය සහ මූල්‍ය සහන ලබා දෙමින් ණය තිරසරභාවය ශ්‍රී ලංකාවේ නැවත ඇති කිරීම සඳහා සහාය ලබා දීමට ඉන්දියාව කැපවී සිටින බවත් ඉන්දීය රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත.
ඉන්දීය මුදල් අමාත්‍යංශයේ නිලධාරියකු වන රජත් කුමාර් මිශ්‍රා මහතා මෙම ලිපිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යොමු කර තිබේ.
ඉන්දියාවේ ආනයන සහ අපනයන බැංකුව, ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ ණය සහන, ජාත්‍යනතර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් යටතේ ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය නැවත ඇති කිරීමට හේතු වනු ඇතැයි ද රජත් කුමාර් මිශ්‍රා මහතා පවසා ඇත.