අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ්‍රී ලංකාවේ ආයෝජනයට තායිලන්තයත් සූදානම්..!

ශ්‍රී ලංකාවේ ආයෝජනයට තායිලන්තයත් සූදානම්..!

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට එක්ව කටයුතු කෙරේ..! බෞද්ධ සංචාරකයින් කෙරෙහි විශේෂ අවධානය..! (සුජිත් මංගල ද සිල්වා) තායිලන්ත ආයෝජකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විශේෂ ආයෝජන හා කර්මාන්ත කලාපයක් පිහිටුවීමටත්,…

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට එක්ව කටයුතු කෙරේ..!

බෞද්ධ සංචාරකයින් කෙරෙහි විශේෂ අවධානය..!

ශ්‍රී ලංකාවේ ආයෝජනයට තායිලන්තයත් සූදානම්..!

(සුජිත් මංගල ද සිල්වා)

තායිලන්ත ආයෝජකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විශේෂ ආයෝජන හා කර්මාන්ත කලාපයක් පිහිටුවීමටත්, ද්විපාර්ශවික සහයෝගයෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරලීම සඳහා එක්ව කටයුතු කිරීමටත් තායිලන්තය සහ ශ්‍රී ලංකාව එකඟත්වයකට පැමිණියහ.

ථෙරවාදී බුදු දහම පවතින රටවල් වශයෙන්, බෞද්ධ සංචාරකයන් වැඩි වැඩියෙන් ආකර්ශනය කර ගැනීමේ අවස්ථා පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරිණි.

මෙම එකඟතාවය ඇති කර ගනු ලැබූයේ අද (13 වන දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චන් ඔ චා (HE Prayut Chan-o-cha) සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ප්‍රමුඛ දෙරටේ නියෝජිතයින් අතර පැවැති ඉහළ පෙළේ සාකච්ඡාවලදීය. එහිදී දෙරට අතර සබඳතා ශක්තිමත් කරලීමේ අවශ්‍යතාව ගැන ද වැඩි අවධානයක් යොමු කෙරිණි.

ඉන්දීය සාගර කලාපයේ කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය වීමේ ශ්‍රී ලංකා ඉලක්කය සම්බන්ධයෙන් ද මේ සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි.

දෙරට අතර ආර්ථික, සංස්කෘතික හා සමාජයීය සබඳතා ඉදිරියට වඩ වඩාත් වර්ධනය කරලීමේ අවකාශයන් පිළිබඳව ද දෙරටේ අගමැතිවරු අදහස් හුවමාරු කර ගත්හ.

සහාය මහාචාර්ය නරප්රොන් චන් ඔ චා (Mrs. Naraporn Chan-ocha) මහත්මිය, විදේශ අමාත්‍ය දොන් ප්‍රමුද්විනායි (Mr. Don Pramudwinai) මහතා, නියෝජ්‍ය වෙළඳ ඇමතිනී චුතිමා බුන්‍යප්‍රබසරා (Ms. Chutima Bunyapraphasara) මෙනෙවිය, අග්‍රාමාත්‍ය ලේකම් ජෙනරාල් විලාස් අරූන්ශ්‍රී (General Wilas Aroonsri) මහතා තායිලන්ත පාර්ශවය නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක් වූ අතර, ශ්‍රී ලංකා පාර්ශවය නියෝජනය කරමින් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, විදේශ අමාත්‍ය තිලක් මාරපන, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවි සමරවීර,  සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ හා අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරු මේ අවස්ථාවට සහභාගී වූහ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ශ්‍රී ලංකාවේ ආයෝජනයට තායිලන්තයත් සූදානම්..! | Lanka Newsweek