ශ්‍රී ලංකාවේ අනාගත නායකයා ලෙස ඉන්දියාව විපක්ෂ නායකවරයාට කිරුළ පළඳවයි

මෙම තීරණාත්මක සංචාරයට ලක්ෂ්මන් ෆොන්සේකාත් එක්වෙයි (අචින්ත මධුර) ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත. එම සංචාරයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
මෙම තීරණාත්මක සංචාරයට ලක්ෂ්මන් ෆොන්සේකාත් එක්වෙයි
(අචින්ත මධුර)
ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත. එම සංචාරයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, විදේශ කටයුතු අමාත්‍ය, මුදල් අමාත්‍ය සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ඇතුළු ඉහල පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයන් විශාල ප්‍රමාණයක් හමු වීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග තොරතුරු වාර්තා කරයි.
තවද සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතමයෙකු "lankanewsweek" සමඟ ප්‍රකාශ කළේ මෙම සංචාරය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ විශ්වාස වන්තම මිතුරා වන ලක්ෂ්මන් ෆොන්සේකා මහතාද මෙම සංචාරය සඳහා විපක්ෂ නායකවරයා සමග එක් වී ඇති බවයි.
මෙම තත්වය උකහා දක්වමින් දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ඉන්දියාව දිගින් දිගටම මෙලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග ඇති රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවය අලුත් කර ගැනීමටත්, තව දුරටත් වැඩි දියුණු කර ගැනීමටත් කටයුතු කිරීම තුලින් විපක්ෂ නායක වරයා අනාගත ශ්‍රී ලාංකික නායකයා ලෙස ඔවුන් දැනටමත් හදුනාගෙන ඇති බවය.
සාමාන්‍යයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයෙකු එරටට විශේෂ ආරාධනා මත කැඳවන්නේ ඔහු ඉදිරි නායකයා බවට "රෝ" ඔත්තු සේවා මගින් තොරතුරු ලබාගෙන තහවුරු කර ගැනීමෙන් අනතුරුව වීම සම්ප්‍රදාය වේ.