ශ්රී ලංකාවට මාලදිවයිනේ ඉරණම අත් නොකරනු..!

(සුජිත් මංගල ද සිල්වා) උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදය හමුවේ රටක් ලෙස ශ්රී ලංකාව අස්ථාවර භාවයට තල්ලුවීම කෙසේ හෝ වළක්වා ගන්න යැයි විදේශීය තානාපති අංශ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දැනුම් දී තිබේ. ශ්රී…
(සුජිත් මංගල ද සිල්වා)
උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදය හමුවේ රටක් ලෙස ශ්රී ලංකාව අස්ථාවර භාවයට තල්ලුවීම කෙසේ හෝ වළක්වා ගන්න යැයි විදේශීය තානාපති අංශ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දැනුම් දී තිබේ.
ශ්රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා සහ ඉන්දියානු තානාපතිවරයා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හමුවී අනතුරු අඟවමින් කියා තිබෙන්නේ රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ ශ්රී ලංකාවටත් මාලදිවයින් රාජ්යට අත් වූ ඉරණම අත්වීමට ඉඩ කඩ තිබෙන බවය.
එම නිසා මේ මොහොතේ ඉතාම දූරදර්ශීව කටයුතු කරමින් රට දේශපාලන වශයෙන් අස්ථාවරවීම වළක්වා ගත යුතු බව එම තානාපතිවරුන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හමුවේ වැඩිදුරටත් දැනුම් දී තිබේ.