අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයෙන් ආර්ථික අපරාධ චෝදනා

ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයෙන් ආර්ථික අපරාධ චෝදනා

රට තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති බව ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය කියයි ශ්‍රී ලංකාව මේ වන විට දේශපාලනික වශයෙන් ඉතා බැරෑරුම් සන්ධිස්ථානයකට පැමිණ ඇති බව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර මානව හිමිකම්…

රට තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති බව ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය කියයි 

ශ්‍රී ලංකාව මේ වන විට දේශපාලනික වශයෙන් ඉතා බැරෑරුම් සන්ධිස්ථානයකට පැමිණ ඇති බව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය පවසයි.

ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති වත්මන් ආර්ථික අර්බුදයට මුල් වූ සාධක හඳුනා ගෙන ඊට අවශ්‍ය පියවර වහාම ගත යුතු අතර, ආර්ථිකමය අපරාධ සහ දුෂණය මැඩලීම සඳහා ද පියවර ගැනීම වැදගත් බව ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය පෙන්වා දෙයි. 

ශ්‍රී ලංකාව කඩිනමින් වගවීම පිළිබඳ ප්‍රතිසංස්කරණ සහ ආයතනික සේම ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ සඳහා යොමු විය යුතු අතර නව රජය මානව හිමිකම් ක්‍රියාත්මක කිරීම සහ සංහිඳියාව පිළිබඳව ජාතික කථිකාවතක් කඩිනමින් ආරම්භ කළ යුතු බව ද එම සංවිධානය අවධාරණය කර සිටියි.

ඒ ඒ ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණය කරමින් ශ්‍රී ලංකාව වගවීම පිළිබඳ ක්‍රියා කළ යුතු අතර, රටේ උද්ගත වී තිබෙන අතිශය බරපතළ තත්ත්වය රට නව මාවතක් කරා රැගෙන යාමට අවස්ථාවක් කර ගත යුතු බව ද කියා සිටින ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය, දරුණු ආරක්ෂක නීති සහ සාමකාමී උද්ඝෝෂණ මර්දනය කිරීම් මත විශ්වාසය තැබීම කඩිනමින් අවසන් කොට ආරක්ෂක අංශ ද ප්‍රතිසංස්කරණ කිරීමට පියවර ගත යුතු බව ද අවධාරණය කර සිටියි. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයෙන් ආර්ථික අපරාධ චෝදනා | Lanka Newsweek