අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවන ලකුණු..!

ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවන ලකුණු..!

ජනපති-කථානායක තීරණාත්මක හමුවක්..! පාර්ලිමේන්තුව වහාම කැඳවිය යුතු බව පක්ෂ නායකයෝ අවධරණය කරති. පාර්ලිමේන්තුව වහාම කැඳවා ශ්‍රී ලංකාවේ උද්ගතවී තිබෙන දේශපාලන අර්බුදය ව්‍යවස්ථානුකුලව,ප්‍රජාතන්ත්‍රවාදීව සහ…

ජනපති-කථානායක තීරණාත්මක හමුවක්..!

පාර්ලිමේන්තුව වහාම කැඳවිය යුතු බව පක්ෂ නායකයෝ අවධරණය කරති.

ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවන ලකුණු..!

පාර්ලිමේන්තුව වහාම කැඳවා ශ්‍රී ලංකාවේ උද්ගතවී තිබෙන දේශපාලන අර්බුදය ව්‍යවස්ථානුකුලව,ප්‍රජාතන්ත්‍රවාදීව සහ සාමකාමීව විසඳා ගැනීමට ක්‍රියා නොකළහොත් රටට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමට සිදුවන බව විදේශීය තානාපති අංශ කථානායක කරු ජයසුරිය මහතා වෙත දැනුම් දී තිබේ. එසේ වුවහොත් GSP ප්ලස් බදු සහනය ඇතුළු විදේශීය සහන රැසක් ශ්‍රී ලංකාවට අහිමිවනු ඇති අතර කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පර්ලිමෙන්තුවේදී අද(30) රැස්වූ දේශපාලන පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී ඇති අතර බහුතරයේ ස්ථාවරය වී තිබෙන්නේ පාර්ලිමේන්තුව් වහාම කැඳවිය යුතු බවය.

ඊට එරෙහිව අදහස් දක්වා තිබෙන්නේ වරයා සහ නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ සහ ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් පමණකි.

කෙසේ හෝ තමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී උද්ගතවී තිබෙන තත්වයේ බැරෑරුම්කම පැහැදිලි කර මේ සිකුරාදා (02)  වන විට පාර්ලිමේන්තුව රැස් කිරීමට කටයුතු කරන බවට කතානායක කරු ජයසුරිය මහතා එහිදී ද්ශපාලන පක්ෂ නායකයින් හමුවේ සහතික වී තිබේ.

රටේ උද්ගතවී තිබෙන මේ දේශපාලන අර්බුදය සහ පාර්ලිමේන්තුව කල් දැමීම සම්බන්ධයෙන් උද්ගතවී තිබෙන තත්වයට අදාළව කරුණු සාකච්ඡා කෙරුණු මේ දේශපාලන පක්ෂ නායක රැස්වීම් වාද විවාද මධ්‍යයේ පය දෙකක් මුළුල්ලේ උණුසුම් ලෙස ඇදී ගොස් ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවන ලකුණු..! | Lanka Newsweek