අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ්‍රී ලංකන් හිටපු ලොක්කෙක් ළඟදීම අත්අඩංගුවට..!

ශ්‍රී ලංකන් හිටපු ලොක්කෙක් ළඟදීම අත්අඩංගුවට..!

මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශී‍්‍ර ලන්කන් එයාර් ගුවන් සේවයේ සේවය කළ ඉහළ නිලධරයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ. එම නිලධරයා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය…

මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශී‍්‍ර ලන්කන් එයාර් ගුවන් සේවයේ සේවය කළ ඉහළ නිලධරයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.

එම නිලධරයා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය  ආරම්භ කරන ලදුව මේ වන විටත් අවසානයට ළං වෙමින් තිබෙන විමර්ශනවල ප‍්‍රතිඵලයක් ලෙසය.

ශී‍්‍ර ලන්කන් එයාර්ලයින්ස් සමාගමේ සිදුව අක‍්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කර තිබෙන විමර්ශන කොමිසම හමුවේ දී පවා මෙම පුද්ගලයාගේ නාමය මතුව තිබෙන අතර, එක් රැස් කර ගත් රුපියල් ලක්ෂ සියයකට ආසන්න මුදලක වටිනාකමින් යුතු විදෙස් මුදල් තොගයක් විදෙස් බැංකු ගිණුමක තැන්පත් කිරීමට ඔහු කටයුතු කර තිබේ.

මෙම පුද්ගලයා එම මුදල උපයා ගෙන තිබෙන ආකාරය සහ බැංකු ගිණුම තිබෙන රට හෙළි කිරීම හෝ පිළිබඳ අදහස් දැක්වීම පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධරයෝ ප්‍රතික්ෂේප කළහ.

එසේ වුව ද, සිදුව තිබෙන ව්‍යාපාර ගනුදෙනු කිහිපයකදීම එක් පාර්ශවයක් සමඟ එම ගනුදෙනුවල යෙදීමට මොහු වැඩි කැමැත්තක් දක්වා තිබෙන අතර එසේ ලබාදුන් සහාය වෙනුවෙන් ගනුදෙනු සඳහා හවුල්ව සිටි පාර්ශවයන් ඔහු වෙත විදෙස් මුදලින් ගෙවීම් කර ඇත.

මෙම ගනුදෙනු පිළිබඳ දැනුම්වත් ආරංචි මාර්ගයන් සඳහන් කරන ආකාරයට මෙසේ මුදල් ගෙවීම සිදු කර ඇති සමාගම මේ වන විට හඳුනා ගෙන තිබෙන අතර, බැංකුවේ මුදල් තැන්පත් කර ඇති බවට සාක්කි ද සොයා ගැනීමට හැකිව තිබේ. මෙම ඉහළ නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ශ්‍රී ලංකන් හිටපු ලොක්කෙක් ළඟදීම අත්අඩංගුවට..! | Lanka Newsweek